Gossip

තරග මුදලින් 25% කිව්වම මම පුදුම වුණා – තරග කිහිපයක තහනමක්වත් පනවන්න තිබ්බා – සුපිරි ක්‍රීඩකයෙක් බංග්ලාදේශයට දෙහි කපයි

පසුගියදා පැවති නිදහස් කුසලාන තරඟාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමේ හැසිරීම පිළිබද හැමෝගෙම අවධානය යොමු වුණා. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම මේ ගැන දැක්වූයේ අයහපත් ප්‍රතිචාරයක්.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දීය හිටපු දඟ පන්දු යවන්නෙකු වන හර්බජාන් සිං ඉන්දියානු පුවත්පතකට අදහස් දක්වමින් කියා ඇත්තේ මහත් අශෝභන ලෙස හැසිරුණු බංග්ලාදේශ කණ්ඩායමට තරග කිහිපයක තහනමක් පැනවිය යුතු බවයි.

එසේම ශ්‍රී ලංකාවතුලදී බංග්ලාදේශයේ ක්‍රීඩකයන් හැසිරුණු ආකාරය පිළිබඳව සමාවක් දිය නොහැකි බවත්, ඔවුන්ට අයි.සී.සී.ය විසින් පැනවූ 25%ක දඩය කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවත් ඔහු කියා තිබෙනවා.

“ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානියක් කළා විතරක් නොවෙයි, ඔවුන් ඔවුන්ට හිතවත්ව සිටි ක්‍රීඩා ලෝලීන් ප්‍රමාණයක්ද අහිමි කරගත්තා. මමත් ඔය වගේ දේවල්වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් ඒ දේවල් මම කළේ යම්කිසි සීමාවක ඉඳගෙනයි. බංග්ලාදේශ නායකයා හැසිරුණු ආකාරය අන්තිම නරකයි. ඔහු කණ්ඩායමේ සෙසු අයට ලබා දුන්නේ නරක ආදර්ශයක්. අමතක කරන්න එපා මේක නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියක්” යනුවෙන්ද පැවැසූ හිටපු ඉන්දීය දඟ පන්දු යවන්නා මෙම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් බෝඩ් බරපතළ වාර්තාවක් ලබා දෙන්න තිබුණා. කෙසේ වුවත් ඔවුන්ට ලැබුණු තරග මුදලින් 25% දඩ මුදල සම්බන්ධයෙන් තමා විස්මයට පත්වූ බවත්, අඩුම වශයෙන් ඔවුන්ට (බංග්ලදේශයට) තරග කිහිපයක තහනමක්වත් පැනවිය යුතු බවත් සඳහන් කළේය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!