Gossip

ෆේස්බුක් තාත්තා ලංකාවේ මුහුණුපොතෙන් කෝටි ගණන් සල්ලි හොයන හැටි මෙන්න – අපිටනම් කිසිම සෙතක් නැහැ

ෆේස්බුක් තහනම තාමත් ඉවත් කරලා නෑ. මේ තහනම හෙට ඉවත් කරනවා කියලා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කිව්වා.
ඒ වගේම ෆේස්බුක් ආයතනයේ නිලධාරීන් පිරිසක් සහ රජය අතර අද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ තරමටම ෆේස්බුක් ආයතනය ලංකාවට වැඩි ඉඩක් ලබාදෙන්නේ ඇයි..?
ඒකට හේතුව තමයි ලංකාවේ ෆේස්බුක් භාවිතය නිසා ලැබෙන අධික මුදල් ප්‍රමාණය.
දත්තවලට අනුව මාසෙකට ලංකාවේ Facebook ගිණුම් වලින් කොටි 50 ක විතර ආදායමක් ලැබෙනවා.
ගිණුම් හිමියන්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ දැන්වීම් ඒ Facebook හරහා පළකරලා තමයි ඒ විදිහට ආදායමක් ලබන්නේ.
Facebook ගිණුම් මිලියන 6.5 ක් තිබෙන බවයි වාර්තා වන්නේ.
එයින් දිනකට ක්‍රියාකාරී ගිණුම් සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවනවා.
වාර්ෂිකව ඩොලර් 1 ක් දළ වශයෙන් ලංකාවේ එක Facebook ගිණුමකින් උපයනවා.
මේ දේවල්වලින් සත පහක වාසියක් අපේ රජයට ලැබෙන්නේ නෑ.
ඒ වගේම Data කපාගෙන Facebook යන ඔබට වගේම අපිට කිසිම සෙතකුත් නෑ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!