Gossip

මහනුවර පත්තු කරන්න හදපු අය ප්‍රවේසමෙන් – ගැටුමේ සුළමුල හොයන්න පොලිසියෙන් කරන්න හදන දේ

මහනුවර දිස්ත්‍රික්කයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා එම ප්‍රදේශවල ඇති ආරක්ෂිත කැමරා (CCTV) නිරීක්ෂණය කිරීමට වෙනම පොලිස් කණ්ඩායමක් පත් කර තිබෙනවා.

අදාළ පොලිස් කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් තාක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක්ද ඇතුළත්.

මධ්‍යම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අදාළ කණ්ඩායම විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කඩසාප්පු, කර්මාන්ත ශාලා සහ නිවාසවල ස්ථානගත කර ඇති සියලු සීසීටීවී කැමරා නිරීක්ෂණය කර ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගැනීමට කටයුතු කරන බව මධ්‍යම ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ උසස් නිලධාරියෙක් සඳහන් කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!