පුංචි දරුවෙක් පෝෂණය ලබන්නේ මව්කිරිවලින්.
තම දරුවට ලබාදෙන මව්කිරිවල ප්‍රමාණයට වඩා ලැබෙන මව්කිරි, පැකට් කර කායවර්ධන ශිල්පීන්ට විකුණන මවක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම මව්කිරිවල විටමින් හා පෝෂ්‍යදායී වර්ග රැසක් අඩංගු නිසා ඇගේ මව්කිරිවලට ඉහළ ඉල්ලුමක් ඇතිබවයි එහි දැක්වෙන්නේ.
Rafaele Lamprou නම් මෙම මව සයිප්‍රසයේ ජීවිතය ගෙනයනවා.
ඇයගේ මව් කිරි සදහා ඉල්ලුම අධික වීමත් සමග ඇය මේ වන විට කිරි අවුන්සයකට යූරෝ 1ක මුදලක් අය කරන බවත් දැනටමත් ලීටර් 500 කට වැඩි ප්‍රමාණයක් විකුණා ඇති බවත් වාර්තා වනවා.
තවද එයින් යූරෝ 5,000 ක් පමණ මුදලක් උපයා ඇති බවත් සඳහන් වනවා.