Gossip

මොණරෙකු සමග ගුවනින් යන්න හදපු කාන්තාවකට වුණ දෙයක්

අන්තර්ජාලයෙන් ටිකට් පතකුත් වෙන් කරවාගෙන මොනරකු සමග ගුවන් ගමනකට සූදානම් වූ කාන්තාවකගේ ගමන් වාරය අත්හිටුවා තිබෙනවා.

ඒ අමෙරිකාවේ ප්‍රමුඛතම යුනයිටඩ් ගුවන් සේවය විසිනුයි.

ගුවන් ප්‍රවේශ පත්‍රය සමග කුරුල්ලකු සඳහා ද ප්‍රවේශ පත්‍රයක් අන්තර්ජාලය හරහා ඇය විසින් වෙන් කරවා ගෙන ඇති අතර ගමනට සූදානම් වී ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ දී මෙම ගැටලුවට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් සේවය පවසන්නේ කුරුල්ලකු වෙනුවෙන් ප්‍රවේශ පත්‍රය වෙන් කර ඇති නමුත් එම කුරුල්ලා අදාළ බර සහ ප්‍රමාණය තුළ නොසිටි බවයි. ඇය තම කුරුල්ලා සමග ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ තමන් විමතියට පත් වූ බව එම ගුවන් සමාගම පවසා තිබෙනවා.

චිකිත්සක සතුන් රැගෙන යෑමට මානසික ගැටලු ඇති සමහර මගීන්ට ගුවන් යානා මගින් ඉඩ ලබා දී ඇති නමුත් එසේ සතුන් ගෙන යෑම වැඩිවී ඇති අතර, ඒ සඳහා අදාළ රෙගුලාසි උල්ලංඝනය වීම් ද වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!