මේ ජීවිතේ සමහර මිනිස්සු දිහා දැක්කම හරි පුදුමයක් දැනෙනවා.
ඒ විදිහේ අරුම පුදුම මිනිසෙක් ගැන අපිට බ්‍රසීලයේ රියෝදි ජනෙයිරෝ නුවරින් වාර්තා වුණා.
ඔහු නමින් මාරිසියෝ.
මොහු අවුරුදු 22ක ඉඳන්ම ජීවත්වෙන්නේ තමන් විසින්ම නිර්මාණය කරගත්තු වැලිල මාලිගාවක.
ඒ වැලි මාලිගාවේ මාර්සියෝට අවශ්‍ය කරන සියලුම දේ තිබෙනවා.
මේ වැලි මාලිගාව බලන්න ගොඩක් අය එනවා කියලයි වාර්තා වන්නේ.
ඒ අයගෙන් මර්සියෝ පුංචි ඉල්ලීමක් කරනවා. ඒ තමයි ඡායාරූපයක් ගෙන ආධාරයක් කරන්න”කියලා.
මේ අපූැරු මිනිසා තමාගේ වැලි මාලිගාව ගැන විදෙස් මාධ්‍යයට මේ විදිහට කියලා තිබුණා.
මගේ මාළිගාවක් කඩාගෙන වැටුනොත් මම තවත් තැනකට යනවා. ගිහින් එතැන තවත් මාළිගාවක් හදා ගන්නවා. මම මේ තාවකාලික ජීවන රටාවට හරිම කැමතියි. මොකද සමහරුන්ට ඔවුන්ගේ නිවාස වගේ මෙය මගේ ජීවිතයට බරක් නොවෙන නිසා. වැඩිපුර වහිනවාට ඒ වගේම ස්වභාව ධර්මය විසින් සිදු කරනු ලබන බලපෑම්වලට මම කැමති නැහැ. මහල් නිවසක් තියෙන කෙනෙක් බොහොම සතුටින් ඉන්න බවක් පිටින් පේනවා. නමුත් එතැනත් හිදැසක් තියෙන බව මම හිතනවා”