Gossip

මම අන්තිමටම පෙම්වතෙක් වෙලා හිටියෙ ගිය අවුරුද්දෙ – එයාගෙ පවුලෙ අය එක්ක මට කිසිම තරහක් නැහැ – කාවින්ද්‍යා අධිකාරි සමග විරසක වූ ගයාන් කිව්ව කතාව

ප්‍රවීන ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධන දැන් කා අතරත් ජනප්‍රිය චරිතයක් බවට පත්වී හමාරයි. ඒ් එක්කම ගයාන් ගුණවර්ධන හා කාවින්ද්‍යා අධිකාරි සමග පැවති ප්‍රේම සම්බන්ධය ද බිඳ වැටී ඇති බවටත් කතාවක් ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරෙන්න ගත්තා. ඉතින් මේ ගැන වෙග්ම ගයාන්ගේ අලුත් තොරතුරු ගැන පුවත්පතක් සමග කියලා තිබුණේ මේ විදියට.

ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ පුතු වශ‍යෙන් ක්ෂේත්‍රයට පැමිණි ඔහු ගයාන් දැන් තමන්ගේම අනන්‍යතාවක් ගොඩ නගාගෙන අවසන්.
ඒත් එක්කම ගයාන් ගැන පහුගිය දවස්වල බොහෝ කතාබහට ලක්වුණා. ඒ ප්‍රවීන ගායන ශිල්පීන් යුවළකගේ දියණියක් සමග ගයාන්ගේ පැවති ප්‍රේම සම්බන්ධය බිද වැටුණා යැයි කියූ කතාවත් සමග.කෙසේ වෙතත් ගයාන් සති අන්ත පුවත්පතකට ඒ ගැන විස්තර කියලා තිබුණා

ප්ලස් මයිනස්’ බෑන්ඩ් එක ආයෙත් පටන් අරගෙන නේද?
ඔව්. ධනපාල උඩවත්ත මහත්තයගෙ පුතා, ගයාන් උඩවත්ත තමයි මේක පටන් ගත්තෙ. ඒත් එයා ඒක කාලෙකදි නවත්වනවා. ඊට පස්සෙ අපි දෙන්නා එකතු වෙලා ගිය අවුරුද්දෙ ආයෙත් ඒක පටන් ගත්තා. දැන් අපි ඔක්කොම හය දෙනෙක් බෑන්ඩ් එකේ ඉන්නවා. නිමේෂ්, මදුක, හිමේෂ්, සංගීත්, ගයාන් සහ මම. දැන් අපිට ස්ටූඩියෝ තුනක් තියෙනවා.

ගයාන්ලා දෙන්නටම තාත්තලාගෙන් ලොකු සහයෝගයක් දෙනවා ඇති?
අපේ තාත්තලා දෙන්නගෙන්ම සෑහෙන්න ලොකු උදව්වක් ලැබෙනවා. අපි දෙන්නා වගේම එයාලා දෙන්නත් හුඟක් පරණ යාළුවො දෙන්නෙක්. හැම දෙයක්ම කොහොමද පාලනය කරන්නෙ කියලා එයාලා අපිට කියලා දෙනවා. ඒ දෙන්නා ඉන්න එක අපිට හුඟක් පහසුයි.

රංගන ශිල්පියෙක් විදියටද, නිවේදකයෙක් විදියටද, ගායකයෙක් විදියටද ගයාන්ට වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නෙ?
හැම පැත්තෙන්ම හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හොඳ නරක දෙකම ආදරෙන් මට කියලා දෙනවා ඒ අය. මට ඒ ප්‍රතිචාර වටිනවා.

ප්‍රතිචාර හොඳයි කියන්නෙ ඔයා සාර්ථකයි කියන එකද?
මම සාර්ථකයි කියන්නේ නෑ. මට හදාගන්න ගොඩාක් දේවල් තියෙනවා.

දැන් මොන පැත්තෙන්ද ඉදිරියට යන්න බලාපොරොත්තුව?
මම වැඩියෙන්ම කැමැති ගායකයෙක් විදියට සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න. ඒත් අනෙක් කටයුතුවලත් ඉන්නවා. හැම පැත්තෙන්ම ඉදිරියට යනවා.

ගයාන් දැන් තමන්ගෙම කියලා අනන්‍යතාවක් ගොඩනඟාගෙනද ඉන්නෙ?
මම හිතනවා මේ වෙනකොට නුවන් ගුණවර්ධනගේ පුතා විදියට වගේම ගයාන් ගුණවර්ධන විදියටත් මාව පිරිසක් හඳුනනවා කියලා. ගයියා කියලා මාව හදුනන පිරිස වැඩියි.

ගයාන් ආයෙත් පෙම්වතෙක් වෙලා කියන්නෙ ඇත්තද?
මම අන්තිමටම පෙම්වතෙක් වෙලා හිටියෙ ගිය අවුරුද්දෙ. මම ආදරය කළා. ඒක බොහොම සොඳුරුයි. එයා එක්කවත් එයාගෙ පවුලෙ අය එක්කවත් මට කිසිම තරහක් නැහැ. මම තාමත් එයාලට ආදරෙයි, කිසිම වෛරයක් නැහැ.

මොනවද අලුත් වැඩ?
අපි සින්දු තිස් තුනක් භාෂා පහකින් විනාඩි හතරක් ඇතුළත ගායනා කළා. අලුත්ම ගීතයකුත් බෑන්ඩ් එකේ හයදෙනාම එකතුවෙලා ගායනා කරනවා. වෙනස්ම ආකාරයේ කොන්සට් කීපයක් කරන්න හිතාගෙනත් ඉන්නවා. ඊට අමතරව තාත්තයි මායි එකතු වෙලා පිය – පුතු ප්‍රසංගයක් කරන්න හිතන් ඉන්නවා. ඒකෙදි තාත්තා මගෙ ගීතත් මං තාත්තගෙ ගීතත් කියන්න හිතන් ඉන්නෙ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!