විරාත් කෝලි ගැන පසුගිය දවස්වල වැඩියෙන් කතාබහට ලක්වෙන්න ගත්තේ බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා සමග විවාහ වීමත් සමගයි.
නමුත් කෝලි ගැන ආයෙත් අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.
ඊට හේතුව වෙලා තියෙන්නේ ඉන්දියාව හා දකුණු අප්රිකාව අතර මේවන විට පැවැත්වෙන ටෙස්ට් තරඟයේදී වූ සිදුවීමක් නිසා කෝලිට තරඟ මුදලින් සියයට 25ක දඩයක් නියම කිරීමට අයි.සී.සීය තීරණය කරලා තිබීම නිසායි.
දකුණු අප්රිකානු දෙවන ඉනිමේ 25 වන පන්දුවාරයේදී පන්දුව තෙත සහිත බව පවසමින් එහි සිටි විනිසුරු මයිකල් ගෆ්ට දිගින් දිගටම පැමිණිලි කළ පසුව ආක්රමණශීලී අයුරින් පන්දුව පිටිය දෙසට විසිකරපු නිසා තමයි මෙහෙම දඩයක් නියම වෙලා තියෙන්නේ.
කෙසේවෙතත් කෝලි මීට වඩා තම හැඟීම් පාලනය කරගත යුතු බව ක්රිකට් විචාරකයෙකු වන කෙප්ලර් වෙසසල්ස් පෙන්වා දෙනවා.