යාපනය ගැන පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වුණානේ.
ඒ යාපනය ප්‍රදේශයේ පසුගියදා සිදුවු ගංවතුර තත්වයත් සමගයි.
දැන් නැවතත් යාපනය නගරය ගැන අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.
ඒ මෙහි ජීවත්වෙන බොහෝ දෙනෙකු මේ දිනවල භූත බලවේගයක් පැතිර යන ආරංචියක් නිසා බියට පත්වීමක් පිළිබඳව ආරංචියක් සමගයි.
කෙසේවෙතත් මීට හේතුව වෙලා තියෙන්නේ කෙටි කලක් ඇතුළතදී යාපනයේ එකම පවුලකට අයත් (සහෝදර සහෝදරියන් ඇතුළුව) පුද්ගලයින් 9 දෙනෙකු හදිසියේම මිය යාමත් සමගයි.
යාපනයේ නගර වැසියන් පෙන්වා දෙනවා දී ඇත්තේ මෙලෙස මියගිය පුද්ගලයින් 9 දෙනා අතර කාන්තාවන් 4 දෙනෙකු හා කුඩා ළමයින් දෙදෙනෙකුද සිටින බවත් ඔවුන් මිය යාමට හේතුව පැහැදිලි වශයෙන්ම ප්‍රකාශ කිරීමට යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ද අසමත් වූ බවයි.
කෙසේවෙතත් ඔවුන් මිය ගියේ භූත බලවේගයක් නිසා බවයි යාපනයේ වැසියන් විශ්වාස කරන්නේ.
යාපනය නගරයේ බොහෝ දෙනෙකු තමන්ට රාත්‍රි කාලයේදී විවිධ අන්දමේ අද්භූත සිද්ධීන්ට මුහුණදීමට සිදු වූ බවත් එම සිද්ධීන් එකිනෙකා විස්තර කිරීමත් නිසා මෙම බිය වැඩි වී තිබෙනවා.