Gossip

“අසාධාරණයක් වුණා, ඒ දේ කළේ ඔහුට අගෞරව කරන්න” – වසර 22 කට පෙර මුරලිට සිදුවූ අසාධාරණය ඔස්ට්‍රේලියානු නායකයා හෙළි කරයි – වීඩියෝ

ලොව අංක එකේ සුපිරි පිටදඟ පන්දු යවන්නා විදිහට කිරුළු පළඳින්නේ මුත්තයියා මුරලිදරන්.
1995දි ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර MCG ක්‍රීඩාංගණයේදී පැවති තරගයේදී තරග විනිසුරු ඩැරල් හෙයාර් විසින් චෝදනා කළේ මුත්තයියා මුරලිධරන් පන්දුව දමා ගසන බවටයි.
එලෙස සිදුකළ චෝදනාව අසාධාරණ යැයි ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් වෝ පවසනවා.
ක්‍රිකට් ඔස්ට්‍රේලියා වෙබ් අඩවිය සමඟ පැවැත්වුණු සාකච්ඡාවකදී මේ බව ස්ටීව් පවසා තිබුණා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ මුරලිගේ පන්දු යැවීම ගැන ගැටලුවක් පැවතුනානම් එය තරගයට පෙර විසඳාගත යුතු බවයි.
ඩැරල් හෙයාර් මෙන්ම විනිසුරු රෝස් එමර්සන්ද මුරලිට චෝදනා කළේ අගෞරව කිරීමේ අරමුණින් බවයි වෙබ් අඩවියට පවසා තිබුණේ.
“මම හිතන්නේ මුරලිගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූලයි. එය ඔහුටම ආවේණික ඉරියව්වක්. මුරලි පන්දුව දමා ගසනවා කියලා එදා වෙච්ච වැඩේ අසාධාරණයි.”

එම වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!