Gossip

තරංග සහ අකිල ගාවට ගිහින් දෝණි කියපු රහස මොකද්ද? සියල්ල හෙළිවෙයි

පසුගියදා නිමාවූ ඉන්දීය ශ්‍රී ලංකා විස්සයි 20 තරඟාවලියේ අවසන් තරගයත් ජය ගැනීමට ඉන්දියාවට හැකියාව ලැබුණා. ඒ කඩුලු 8 ක ජයක් හිමිකර ගනිමින්.

කෙසේවෙතත් මේ දිනවල සමාජජාල මාධ්‍යයන්වල අවසන් තරගයේදී ගත් ඡායාරූපයක් හුවමාරු වෙමින් පවතිනවා.

ඒ මහේන්ද්‍ර සිං දෝණි, තරංග සහ අකිල සමීපයට ගොස් කතාකරන අයුරු දැක්වෙන ඡායාරූපයක් ගැනයි.

ඉතින් මේ ගැන ගොඩක් අයනම් උපහාසයෙන් අදහස් දක්වලා තිබුණේ දිගින් දිගටම පරාජය වෙලා ඉන්න අපේ කණ්ඩායමට දෝණි, ක්‍රිකට් ගහන ආකාරය කියලා දුන්නා කියලායි.

මේ අතර ඉන්දීය ජයග්‍රහණයෙන් පස්සේ දෝණි සහ අනෙකුත් ඉන්දියානු ක්‍රීඩකයන් තවත් අපුරු වැඩක් කරා. ඒ තමයි නර්තන කණ්ඩායමත් එක්ක නත්තල වෙනුවෙන් නත්තල් තොප්පි දාගෙන තමන්ගේ ජයග්‍රහණය සමරපු එක.

ඉතින් හැමෝම දාපු නත්තල් තොප්පි අතර කැපිලා පේන නත්තල් තොප්පියක් දාන්න ඉන්දීය හිටපු නායක දෝණි කටයුතු කරලා තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!