Gossip

ගැබ් ගැනීම Living together සංකල්පයෙන් සිදුවුණා කිව්ව හැමෝටම දසුන්ගේ බිරිඳගෙන් සැර පිළිතුරක්

රංගන ශිල්පී දසුන් පතිරණ ගැන මේදවස්වල අලුත් කටකතාවක් පැතිරෙමින් තියෙනවා. සමාජජාල මාධ්‍යයන්වල පවා මේ කතාව වැඩියෙන් කතාවෙන්න පටන් අරන්. ඒ සිය ගැබ්ගත් බිරිඳ සමග කළ ඡායාරූප පෙළක් සමාජජාල මාධ්‍යයන්ට මුදාහැරීමත් සමගයි.

මේ අතර බොහෝ අය දසුන්ට සුභ පතාද තිබුණා.

එහෙත් බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වුණේ දසුන් හා හංසි විවාහකද යන්නයි? කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් දසුන්ගේ බිරිඳ වන හංසි විවාහය හා මාතෘත්වය ලෙස ෆේස්බුක් සටහනක් යොදා තිබුණා.

එම සටහනයි මේ.

”විවාහය හා මාතෘත්වය …..

මාතෘත්වය කියන්නේ ගැහැණියකගෙ ජීවිතයේ ඉතාමත් උතුම් ඉතාමත් සාමාන්‍ය අත්දැකීමක් කියලයි මගේ අදහස ….මාතෘත්වය ලැබීමට පිරිමියෙකු ගේ සහය අත්‍යවශ්‍යය ….එහෙත් කාන්තාවකට ජීවිතය පුරා පිරිමියෙකු ගේ සහය අවශ්‍ය බව මම පිලිගන්නේ නැහැ ….ගැහැනියක් සැම විටම ජීවිතය පුරා පිරිමියෙකු ගේ පිහිට පැතීම මට හිතෙන්නේ නූතන ගැහැණිය ට කරන අගෟරවයක්…..

උදාහරණ ⁣විදියට මම දන්නා ගොඩාක් බුද්ධිමත් …තමන් ගේ රට නියොජනය කරන ඊශ්‍රායල් ජාතික ලොකු ජොබ් එකක් කරන එක් කාන්තාවක් තරැන කාලයේ පිරිමි ඇසුරෙන් හෙම්බත් වී අන්තිමේ එයාට අම්ම කෙනෙක් වෙන්න තදින් තිබූ ආශාව නල දරැ උපතක් උදවුවෙන් ඉශ්ට නරගත්තා… එතනින් නැවතුනේ නැති ඇය…දෙවැනි වරටත් එකම sperm donor ගෙන් දෙවැනි දරැවාත් බිහිකරගත්තා……ඇය දැන දරැ ⁣දෙදෙනෙකුගේ අම්ම කෙනෙක්…..
ඇය මගේ ගුරැ ජීවිතයේදී මම දැක්ක සාර්තකම මවු වරැන්ගෙන් කෙනෙක්…දරැවන් පාසැලෙන් සමුගන්න දවසෙ මම ඇයගෙන් ඉල්ලීම ක් කලා…..
“”කවදාහරි දරරවන් ලොකු වෙලා අකීකරැ උනොත් මගේ ලගට ඇරං එන්න ….මම එයාලට කියල දෙන්නම් එයාලගෙ අම්ම කොයිතරම් උතුම් අම්ම කෙනෙක් ද “” කියල….

මව් පදවියට විවාහය අනිවරේය කලේ කවුද?
විවාහ නීතිය ලංකාව ට ගෙනා සුද්ද ද?

මගේ මුත්තම්ම නීතියෙන් විවාහ වුනු කෙනෙක් නෙවේ….වැස්ස දවසක මුත්තම්ම ගෙ පවුලෙ අය එයවෙ මුත්තා ගෙ ගෙදරට කැන්දගෙන ආවෙ ……එයා මුත්තා එක්ක ලමයි 5 ක් හදල මැරෙනකන්ම එකිනෙකාට සලකගමින් ජීවත් වුනා…. එතකොට මගේ මුත්තම්ම සංස්කෘතිය ට පටහැනි ද?

“””””මම නීතියෙන් විවාහ වුනත් ඒක ලොකෙට පෙන්න කරන්නෙ නම් නැහැ ….මගේ පුද්ගලික නීතිමය අවශ්‍යතා වෙනුවෙන් කොලයක් අත්සන් කරන්න පුලුවන් ….ඒත් ඒක ලොකෙට කියල නය වෙලා ලොකුවට celebrate කරන්නෙ නම් නෑ….
මට ජීවිතයේ සාර්ථකත්වය කියන්නෙ ලොකු වෙඩින් එකක් ගන්න එක නෙවෙයි….”””””””

දවසක අපි සාර්ථක උනොත් එදාට අපි ලොකු party එකක් දාල කියයි අපි නීතියෙන් විවාහ වෙලා ⁣අවුරැදු මේතරම් කලෙයක් සාර්ථක ව ජීවත් වුනා කියල⁣……එතකන් නම් ඒ ගැන කතා නොකරමි ..කොටින්ම කියනවනම් ලොකෙට පේන්න wedding ගන්න එක අපි promote කරන්නෙ නෑ….කැමති අය ගත්තුදෙන් අකමැති අය නෙගෙත්තුදෙන්……

…..සාර්ථක විවාහ ජීවිතයක් පෙන්නන්න පුලුවන් කාලයක් ජීවත් වුනාට පස්සේ විතරයි …..

එහෙම සාර්ථක වුනු කපල් එකකට උදාහරණ මට මගේ කාලයේ fb එකේ comment වීරයො අතර හමුවෙලා නෑ.. ඒත් හොදම උදාහරණ. …කිසිම කෙනෙක්ට රැ.100 ක් නය නොවී ලමයි අටක් හදල⁣ අවුරුදු 58 ක් අදටත් එකට ජීවත්වෙන මගෙ අත්තම්මයි සීයයි…( එයාලගෙ වෙඩින් ෆොටෝ එකක් මම දැකල නැහැ…මගේ අත්තම්මා ඉතාම බුද්ධිමත් දෛරවන්ත කාන්තාවක්…මහනුවර පුරාවට preschool 24 කට වඩා ගනනක් අදීක්ශනය කල පෙරපාසැල් නිරීක්ෂිකාවක් )…

උතුම් පියෙක් වෙන්න.. උතුම් මවක් වෙන්න.. විවාහ අවිවාහක බව ඇත්තටම වැදගත් නැහැ ….
ගැහැනියකට ඕනිම අවස්ථාවක දරැවෙක් හටගන්න පුළුවන් …ඒ ගැහැණිය ගබ්සාවකට මග පෙන්නන්නේ, fb comment වීර ගැහැනු පිරිමි ම තමයි….ඇයට සමාජයේ ඔලුව කෙලින් තියාගෙන මවක් වෙන්න ඉඩ නොදෙන්නේ comment වීරයන්ගේ( එයාල හදුන්වන) උතුම් සංස්කෘතිය මිසක් ශිශ්ට මිනිසුන් ගේ සංස්කෘතිය නෙවේ……

ලෝකයේ මිනිසුන් විවිධ යි….ඔබට සාපේක්ෂව අනිකා වැරදි බව නිගමනය කිරීම ඔබේ බුද්ධි යේ පරමානයයි…

“”” ඔහු ඔහුගේ දරැවගෙ අම්මා ⁣වෙන්න සුදුසුම කෙනා විදියට මාව තෝරාගත් එක…ගැහැනියක් විදිහ ට මට ලැබුන උතුම් ම ගෞරවය වේ””” ස්තූතියි ….”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!