Gossip

අනතුරකට නතර කරන්නට නොහැකි වූ දැරියකගේ ජීවිතය ලොවක් ඉදිරියේ බැබලුණු හැටි -ඔබට නැති දේවල් ගැන හිතලා දුක් වෙනවානම් මේ කතාව බලන්න

කොඳු කැඩුණු අපට මග කියන චීනයේ පහන් තරුව Qian Hongyan
============================================
ක්වාන් හොන්යෑන් ඒ මගේ වීර කෙල්ලගේ නාමයයි. අවුරුදු 4 ක සිගිත්තියක්ව සිටියදී හොන්යෑන් දරුණු මොටර්රථ අණතුරකට මුහුණ දෙනවා. ඒ 2000 වසරේදී. වෛද්‍යවරු මේ සිඟිති දැරිය බේරාගැනීමට නම් ඉනෙන් පහල තැලී පොඩිවී ඇති සියලු කොටස් කපා දැමිය යුතුයැයි තීරණය කරනව. ඔවුන් ඇගේ ඉනෙන් පහල සම්පුර්ණයෙන්ම දෙපා ඉවත් කරනව. එහෙමයි ඔවුන් ඇගේ ජීවිතය බේරගන්නෙ. ඇය ඊට පස්සෙ වසර දෙක තුනක් යනතුරුත් අක්‍රිය නිහඩ හුදකලා ජීවිතයක් ගතකරනව. මොකද ඇයට බඩගාන්න මිසක් ඇවිදින්න බෑ. එයාල හරිම දුප්පත් පවුලක්. මේ තත්වය ගැන ක්වාන් ගෙ මව්පියන්ට වඩා දුක්වෙන්නෙ එයාගෙ සීයා.

සීයා එක දවසක් සීය හදපු අත් වාරුවකුත් බාගෙට කපපු බාස්කට් බෝලෙකුත් අතැතිව කෙල්ල ගාවින් ඉදගන්නව. ඊට පස්සෙ කියනව කරන්න ඔන දේ.
”ඔයා මේ අත් වාරුවෙන් ඉස්සිලා මම ඉනට ගැටගහන රබර් බෝලෙ උඩ ඉදගන්න ඔන. ඊට පස්සෙ අත් එහාට මෙහාට කර කර ඇවිදින්න ඔන.”

ඔන්න ඔය විදිහට කෙල්ලට බලාපොරොත්තුවේ හුස්ම පිම්බා එයා. ටික දවසක් යනකොට කෙල්ල ගේ වටෙත් ගම වටෙත් ඇවිදින්න පටන් ගත්තා. ටික දවසක් යනකොට එයා යූනෑන් කියන පලාතෙම ප්‍රසිද්ද වුනා බාස්කට් බෝල් කෙල්ල කියල. ඒව ඡායාරූප ලෙස පුවත්පත්වල පලවුනා. මේ ඡායාරූප දැකපු උනුවෙන හෘද්ය වස්තු තියෙන මිනිස්සු ක්වාන්ට අත්‍යාවශ්‍ය එයා කැමති දේවල් මිලට ගන්න මේ අසරණ කෙල්ලට සල්ලි එවුව. එයා ඒ සල්ලි දුප්පත් අම්ම තාත්තටත් දිල එයාට ඇවිදින්න බොරු කකුල් දෙකක් ගත්ත. දැන් එයාට හරිම පහසුයි. අත් සම්පුර්ණයෙන්ම නිදහස්.

ආයි දවසක් මේ ලොකු හදවතක් තියෙන සීය කිව්ව, දැන් ඔයා හොද ආත්ම ශක්තියක් තියෙන කෙල්ලක් ! දැන් පටන් ගන්න ලෝකෙට නිර්භිතව මුහුණ දෙන්න. ඔයා ආස කරන ක්‍රීඩාවක් කියන්න අපි එකෙන් පටන් ගමු පස්සෙ හොදට පුහුණු වෙමු.
කෙල්ල කිව්ව ”පීනන්න”
හරි අපි පීනමු සීය කිව්ව.
ඉතිං ඇය සීයත් එක්ක යනව පීනන්න පුරුදු වෙන්න. එතකොට දැරිවිගෙ වයස 11යි. ඒ 2007 වර්ෂයයි. 2008 වසර වෙනකොට ඇය ජාතික පිහිනුම් ශුරියක්.

2009 චීනයේ පැවති අබාධිත සදහාවු ජාතික පිහිනුම් තරගයෙදී රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනාගන්න සමත් වෙනව. 2010 පැවති ජාතික පිහිනුම් තරගාවලියෙදි රීදි පදක්කම් 3 ක් දිනා ගන්නව. 2012 ලංඩනයේ පැවති පැරා ඔලිම්පික් පුහුනු තරගයේ තෙවන ස්ථානය දිනා ගන්නව. ඇය ගැන දැන් චීනය විතරක් නෙවෙයි ලෝකයම කතා කරනව. දැන් කෙල්ල ඉන්නෙ හරි සතුටෙන් ! මොකද ඇය ජීවිතේ ජය ගත්තා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!