Gossip

“මං ඇඟ හදන්න පටන් ගත්තේ කුලී වැඩ කරලා උපයපු ආදායමෙන්” – ලොවක් හෙල්ලූ ආසියාවේ කලු සිංහයා කිව්ව සංවේදී කතාව

ලූෂන් පුෂ්පරාජ්. ලෝකයම හෙල්ලූ ආසියාවේ කලු සිංහයා තමයි ඔහු.

පහුගියදා තිබ්බ මිස්ටර් ඇට්ලස් ලෝක කාය වර්ධන ශූරතා තරඟාවලියේ 4 වෙනි තැන දිනාගන්න ලූෂන්ට පුළුවන් වුනා.

ඉතින් ජයග්‍රහණයෙන් පස්සේ ලුෂන්ගේ මාධ්‍ය හමුවක් පහුගිය දවසක තිබුණා. ඒ මාධ්‍ය හමුවේදී ලූෂන් කියපු, ඔබ දැනගතයුතුම සංවේදී කතාවක් තමයි මේ.

“මහත්වරුනි, මං ඇඟ හදන්න පටන් ගත්තේ කුලී වැඩ කරලා උපයපු ආදායමෙන්. අද මට පහරදෙන කිසිවෙක් මෙතෙක් ආ ගමන් මගේදි මට කරපු උපකාරයක් නෑ. කරපු එකම දේ බාධා කිරීම් පමණයි. හැබැයි මං ඒ ගමන යනවා. මගේ ඉලක්කය තවත් පදක්කම් කීපයක් හරි රටට දිනලා දෙන එක. ඒ වෙනුවෙන් මම වැඩ කරනවා.”

ලූෂන් තහනම් උත්තේජක පරීක්ෂාව මඟ ඇරියද කියලා මාධ්‍යවේදියෙක් ඇහුවා. ලූෂන්ට තිබ්බේ සරල උත්තරයක්.

“ලෝකේ තියනවා තරඟ වර්ග දෙකක්. එකක් ස්වභාවික කාය වර්ධනය. අනික පරීක්ෂාවෙන් තොර (Non Tested) කාය වර්ධනය. මම තරග කරන්නේ Non Tested කැටගරිය යටතේ. ඉතින් මම එහෙම පරීක්ෂාවකට ගිහිල්ලා අමුතුවෙන් සහතිකයක් ගන්න එකේ පලේ මොකක්ද?”

කොහොමත් ලංකාව කියන්නේ ලෝකෙ නෙවෙයි. සංගම්වල ඉන්න මැඩියෝ හිතන් ඉන්නේ මේ දූපත තමයි ලෝකෙ වගේම උන් තමයි ඒ ලෝකෙ පාලනය කරන රජ්ජුරුවෝ කියලා. උන්ට ක්‍රීඩකයෝ කියන්නේ යටත් වැසියෝ වගේ. අවුරුදු ගණං සංගම් කාපු උන්ට ලූෂන්ලා බිහිකරන්නවත් උන් ජනප්‍රිය වෙනවා බලන් ඉන්නවත් බෑ. එහෙම කොහොමද? උන් ඒ හරහා සංගමේ පුටුවලට ඇවිත් අපිට කෙලියොත්? ඔය නිලධාරීන් ගනං බලන්නේ එහෙමයි.

මේ මිස්ටර් ඔලිම්පියා නගින්න පුලුවන් අතලොස්සෙන් එකෙක්. ඒක උඹලගේ රටට විතරක් නෙවෙයි, ආසියාවට ආඩම්බරයක්. ක්ෂේත්‍රයේ සිංහයෝ කියන්නේ එහෙමයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!