Gossip

උතුරු කොරියාවත් ට්‍රම්ප්ට දොස් කියයි

ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසිලම පිළිගන්නවා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කිරීම උතුරු කොරියාවේ ද දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

උතුරු කොරියානු රජය විශේෂ ප්‍රකාශයක් කරමින්, ට්‍රම්ප්ගේ එම ක්‍රියාව හෙළා දැක ඇත. ට්‍රම්ප් හිතුමතේ තීරණ ගන්නා ලෝක නායකයකු යැයි ද උතුරු කොරියාව වැඩි දුරටත් පවසා තිබේ.

උතුරු කොරියාවත් ඇමෙරිකාවත් අතර අර්බුදයක් පවතී. ඒ, උතුරු කොරියාවේ මිසයිල වැඩසටන මුල්කොට ගනිමිනි. ඇමෙරිකාව උතුරු කොරියාවට සම්බාධක පනවමින් තර්ජනය කර ඇත්තේ උතුරු කොරියාවට පහර දී විනාශ කරනවා කියාය. උතුරු කොරියාව ද පෙරළා ඇමෙරිකාවට අනතුරු අඟවා ඇත්තේ ඇමෙරිකාව විනාශ කීරීමට තමන්ට ශක්තියක් ඇති බවය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!