Gossip

අලුත් පුහුණුකරු සමඟ නායකත්වය යළි වෙනස්වෙයි. අලුත් නායකයා මෙන්න

ශකීබ් අල් හසන් බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබෙනවා.
මුෂ්ෆිකර් රහීම් ඉවත් කරමින් බංග්ලාදේශ කණ්ඩායමේ නව නායකා ලෙසයි ශකීබ්ව පත්කර තිබෙන්නේ.
චන්දික හතුරුසිංහ ඉවත්වීමෙන් පසුව මෙම තීරණය හදිසියේ ගැනීම පිළිබඳ මේ වනවිට ක්‍රිකට් විචාරයකන්ගේද අවධානය යොමුව තිබෙනවා.
චන්දික හතුරුසිංහ මහතාගේ ඉල්ලීමක් මත මුෂ්ෆිකර් රහීම් මෙතෙක් කලක් බංග්ලාදේශ් ටෙස්ට් නායකයා ලෙස කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
පුහුණුකාර තනතුරින් චන්දික හතුරුසිංහ ඉල්ලා අස්වී ශ්‍රීලංකා පුහුණුකරු ලෙස වැඩ බාරගැනීමත් සමඟම බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වයද වෙනස් කර තිබෙන්නේ පුහුණුකරුගේ ඉවත්වීම පිළිබඳ බංග්ලාදේශ කණ්ඩායමේ අප්‍රසාදය පළකිරීමක් බවයි විචාරකයන්ගේ අදහස වී ඇත්තේ.
කෙසේවෙතත් බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ බිහිවූ හොඳම නායකයා ලෙස මුෂ්ෆිකර් රහීම් හැදින්වෙනවා.
මුෂ්ෆිකර් රහීම් යටතේ ටෙස්ට් තරඟ 30කට මුහුණදී ඇති අතර එයින් තරඟ 6ක් ජයග්‍රහණය කර තරඟ 9ක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට බංග්ලාදේශය සමත්ව තිබෙනවා.
පසුගිය කාලයේ ශ්‍රීලංකාව මෙන්ම ඔස්ට්‍රේලියාවද පරාජය කලේ මුෂ්ෆිකර් රහීම්ගේ නායකත්වය යටතේයි.
ශකීබ් අල් හසන් මීට පෙරද ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරූ අතර ඔහු තරඟ 9කට නායකත්වය ලබාදී තිබෙනවා.
එයින් තරඟ 8ක් පරාජය වී එක් තරඟයක් පමණක් ජයග්‍රහණය කර තිබෙනවා.
චන්දික හතුරුසිංහ පුහුණුකරු ලෙස කටයුතු කල කාලයේ බංග්ලාදේශ කණ්ඩායම ටෙස්ට් තරඟ 17කට මුහුණදී ඇති අතර එයින් තරඟ 5ක් ජයග්‍රහණය කර තරඟ 4ක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනිමට සමත්ව තිබෙනවා.
මෙම කාලවකවානුවේදී එක්දින තරඟ 37කට මුහුණදී එයින් තරඟ 20ක් ජයග්‍රහණය කර තරඟ 13ක් පරාජයට පත්ව තිබෙනවා.
චන්දික හතුරුසිංහ පුහුණුකාරධූරයේ සිටි කාලයේ 20/20 තරඟ 25කට මුහුණදී එයින් තරඟ 9ක් ජයග්‍රහණය කර ඇති අතර තරඟ 11ක් පරාජයට පත්ව තිබෙනවා.
කෙසේවෙතත් බංග්ලාදේශය මේ වනවිට එක්දින ශ්‍රේණිගත කිරීමෙන්ද ශ්‍රීලංකාවට වඩා ඉදිරියෙන් පසුවනවා.
නව ටෙස්ට් නායකයා ලෙස පත්වූ ශකීබ් අල් හසන් පසුගිය කාලයෙ ටෙස්ට්,එක්දින හා 20/20 අංශ තුනෙහිම හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස පත්වූ නමුත් ඔහු නායකයෙකු ලෙස එතරම් දක්ශතා දැක්වීමට සමත්ව නැහැ.
එහෙත් මේ දිනවල බංග්ලාදේශයේ පැවැත්වෙන ප්‍රීමියර්ලීග් තරඟාවලියේදී අවසන් තරඟය සඳහා ශකීබ් අල් හසන් නායකත්වය දරන ඩකා නයිනමයිට් කණ්ඩායම සමත්ව තිබෙනවා.
ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසර මුළ බංග්ලාදේශයේ තරඟ සංචාරයක නිරතවන අතර එය නව පුහුණුකරු ලෙස වැඩ බාරගත් චන්දික හතුරුසිංහ මහතාගේ පළමු තරඟ සංචාරයයි.
නායකත්වය බාරගැනීමට පෙර සිටම බංග්ලාදේශ් කණ්ඩායමේ ක්‍රීඩක ශකීබ් අල් හසන් ශ්‍රීලංකා කණ්ඩායමට අනතුරු අඟවා ඇත්තේ කවුරු පුහුණුකරු වූවත් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ දී පරාජයට පත්කරන බවයි.
මෙතෙක් බංග්ලාදේශයේ නව පුහුණුකරු කවුද යන්න නම්කර නොමැති අතර බොහෝවිට ශ්‍රීලංකා සංචාරයෙන් පසු එය නම්කිරීමට ඉඩඇති බවයි බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!