රිච්ටර් මාපාංක 5.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රදේශයේ එරට වේලාවෙන් ඊයේ (06) රාත්‍රී 8.45ට පමණ සිදුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
මෙහි කම්පනය දිල්ලි නගරයටද දැනී ඇති අතර ජීවිත හෝ දේපල හානි කිසිවක් තවමත් වාර්තා වී නොමැති බව බලධාරීහු පවසති.
කම්පනයේ අපිකේන්ද්‍රය උත්තරාකාන්ද් හි කිලෝමීටර් 30ක් පමණ ගැඹුරින් පිහිටි බව පැවසේ.
පසුගිය පැය විසිහතර තුල ර්ච්ටර් මාපාංක 3.3ක ප්‍රබලත්වයෙන් යුතු කම්පනයක්ද උත්තරාකාන්ද් හි සිදුවී ඇත.