Gossip

ජාතික ගීය ගයද්දි එක පාරම ආපු වැස්සට හැමෝම හට් එක ඇතුළට යද්දි වැස්සේ තෙමි තෙමී සීරුවෙන් සිටි මුස්ලිම් කාන්තාව

රටක ජාතික ගීයට වගේම ලෝකයේ ඕනම රටක ජාතික ගීතයකට කාගෙත් හිතේ තියෙන්නේ ලොකු ගරු කිරීමක්.

මේ පුංචි රටේ අපිත් අපේ ජාතික ගීතයට ගරු කරනවා.

ඒ නිසාමයි කොතනක හිටියත් ජාතික ගීතය ගායනා කරද්දි සීරුවෙන් සිටගන්නේ.

ඇතැම් අවස්ථා වල ජාතීක ගීතය ගායනා කරන විට ගෞරවය නොකරද මිනිසුන් සිටිනවා.

එවැන් මිනිසුන්ද සිටින රටක කුරුණෑගල ප්‍රදේශයෙන් අපූරු සිදුවීමක් වාර්තා වෙනවා.

ඒ තමයි පසුගිය දවසක කුරුණෑගල පාසලක ගුරු පත්වීම් ප්‍රධාන උත්සවයක ජාතික ගීතය නාදය කරන අවස්ථාවේදී  හදිසියේ වර්ෂාවක් ඇතිව තිබුණා.

මේ වර්ෂාව පතිත වන විට එළි මහනේ රැදී සිටිය මිනිසුන් හට් එක තුළට යද්දි වර්ෂාවට තෙමි තෙමී ජාතික ගීතයට ගෞරවය කරපු මුස්ලිම් කාන්තාවක් පිළිබඳව තැබු සටහනක් අපිට හමුවුණා.

” නම නොදන්නවා වුනත්, මම නුඹට ආදරෙයි ..!

මේක උනේ ඊයේ හවස 4.10 විතර.ඊයේ කුරුණෑගල රාජකීය විද්‍යාලයේ පැවතී ගුරු පත්වීම් ප්‍රධානෝත්සවයට මගේ බිරිඳත් සුදසුකම් ලබලා තිබුන නිසා මාත් ගියා. පත්වීම් ගන්න අයට ශාලාවේ ඇතුලෙත් ගෙවල් වලින් ආපු අයට එළියේ පොඩි හට්‌ එකකුත් තිබ්බා.උත්සවය පටන් ගන්නකොටම ඉඩ මදි නිසා මම වගේම ගොඩක් මිනිස්සු එළියේ ඉන්නකොට ජාතික ගීය වාදනය කරන්න පටන් ගත්තා. ඔක්කොම සීරුවෙන්.එකපාරටම මහා වැස්සක් ආවා. සෙට් එකක් හෝල් එක ඇතුලට පැන්නා (මමත් එක්කම). අනිත් අය එළියේ පොඩි හට්‌ එකට පැන්නා.ආයෙමත් මම සීරුවෙන් ඉන්න හදනකොට තමයි මේක දැක්කේ.

සිංහලෙන් යන ජාතික ගීයට ඇය වැස්සේ තෙමි තෙමී සීරුවෙන් ඉන්නවා.

(ෆොටෝ එක ගත්තෙත් මම. වීඩියෝ කරේ නැත්තේ හරි මදි නිසා.අහන් නැතිව ෆොටෝ එක දැම්මට සොරි.)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!