ශ්‍රී ලංකා – ඉන්දීයා ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුණා.
අයහපත් කාලගුණික තත්ත්වය තරගයට ලොකු බලපෑමක් ඇති කළා.
මෙම තරගයෙන් පස්සේ ශ්‍රී ලංකා පුහුණුකරු මෙන්න මේ වගේ කතාවක් කියලා තිබුණා.
“අපි දියුණු කරගත යුතු අංශවලදී ඔවුන් කොයිතරම් හොඳින් ක්‍රීඩා කරනවාද කියා අප හොඳින්ම දුටුවා. ඒක අභ්‍යන්තර වශයෙන් විනය, කණ්ඩායම් සංස්කෘතිය වගේම එකට බැඳී සිටීම ගැනත් අගනා පාඩම්….
මෙතනදී සිදුවෙන්න පුළුවන් වැරැද්ද තමයි අපි මෙහි ආවට පස්සේ ඔවුන් ගැන ඕනෑවට වඩා අවධානය යොමු කරලා මුළාවේ වැටීම…අපි දන්නවා ඔවුන් හොඳ කණ්ඩායමක්. ඒත් අපි මාස කිහිපයකට ඉස්සරවෙලා ඔවුන් සමග ක්‍රීඩා කළා”