Gossip

පොලිසිය බයිසිකල්වල හුලං ඇරියාද? බුකියේ පැතිරෙන කතාව ඇත්තක්ද?

පොලිස් මහත්වරු ගැන කාලෙන් කාලෙට විවිධ කතා මතුවෙනවා.

මේ කතාවලින් බොහොමයක් ඒවානම් එච්චර හොඳ කතානම් නෙවෙයි. පොලිසිය ගැන ගොඩක් දෙනා කතා කරන්නේ වෛරයකින්.

එත් අපි මේ කියන්න යන්නේ පොලිසිය ගැන වැරදි විදියට පැතිරෙන කතාවක් ගැන.

පොලිස් නිළධාරීන් විසින් පැපැදිවල හුලං යවනවා කියලා ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙමින් පවතිනවා. එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණේ දුප්පත් මිනිස්සුන්ටමයි මේ අය මෙහෙම කරන්නේ කියලා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වෙබ් ගොසිප් අපි විමසීමක් සිදු කිරීමේදී තහවුරු වුණේ පොලිස් නිළධාරීන් විසින් යතුරුපැදිවලට ආලෝක පරාවර්ථන ස්ටිකරයක් අලවන බවයි. එලෙස ඇලවීමට හේතුව වන්නේ රාත්‍රී කාලයට යතුරුපැදි අනෙක් රියදුරන්ට දැකගැනීමට පහසුවීමටයි.

මෙමගින් බලාපොරොත්තුවී තිබෙන්නේ යතුරුපැදිකරුවන්ගේ ආරක්ෂිතභාවයයි.

කෙසේවෙතත් මේ සිද්ධිය දෙස බැලීමේදී කිවයුතු වන්නේ සමාජජාල මාධ්‍යයන්වල වුවද දෙයක් ප්‍රකාශ කිරීමේදී ඒ දේ සම්බන්ධයෙන් සොයා බලා නිර්වද්‍ය දේවල් පළ කිරීම කාගේ වුවද වගකීමක් බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!