Gossip

දකුණේ මුහුද ගොඩකර සංචාරක කලාපයක්

දකුණු පළාතේ මුහුද ගොඩ කර සංචාරක කලාපයක් ඉඳි කිරීමට කටයුතු යොදා ඇතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පුවත් පතකට පවසා ඇත.

ඒ අනුව අකුරළ සංචාරක කලාපයක් අක්කර 700ක් පුරා ඉඳි කරනු ලබන බවත් අක්කර 250ක් මුහුද ගොඩ කිරීමට කටයුතු කර ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ ඉඳි කිරීම් කඩිනමින් සිදු කිරීමට කටයුතු යොදා ඇතැයිද ඇමැතිවරයා කීය. මෙසේ මුහුද ගොඩ කර සිදු කරනු ලබන ඉඳි කිරීම් හරහා ගොඩබිම හා මුහුදු ගොඩ බිම යාකර නව සංචාරක කලාපයක් ඉඳි කරනු ලබන බවත් ඒ මඟින් දකුණු පළාතේ නව සංචාරක ක්‍රමවේදයක් ඇති කරන බවත් ඒ මහතා කීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!