Gossip

“අපි ලංකාවට එන්නේ බියර් බොන්න නෙවෙයි” – බියර් මිල අඩුවුණාට විදේශිකයන් කිව්ව දේ

පසුගිය දවස්වල බොහෝ කතාබහට ලක්වූ මාතෘකාවක් තමයි බියර් මිල අඩුවීම ගැන.

ඒ 2018 සඳහා වූ අයවැය යෝජනාවන්ට අනුව බියර් මිල අඩුවීම සිදුවීමත් සමග තමයි මේ කතාබහ ඇතිවුණේ.

අඩු මධ්‍යසාර ප්‍රතිශතයක් සහිත බියර් පානයට සැලැස්වීම හරහා අරක්කු වැනි දෑවලට ඇති ඉල්ලුම අවම කිරීමටත් විදේශිකයින්ට හිතකර පරිදි “බියර් සංස්කෘතියක්” රට තුළ නිර්මාණය කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.

එහෙත් මේ තීරණයට එරෙහිව ශ්‍රී ලාංකාවේ සාංචාරය කරන විදේශිකයන් පිරිසක් විසින් කරන ලද අදහස් දැක්වීමක් මේවන විට සමාජාජාල මාධ්‍යයන් තුළ ඉතා සීඝ්‍රයෙන් පැතිර යනවා.

පුවරු අතින් ගත් විදේශිකයන් කිහිප දෙනෙක් එමගින් කියා ඇත්තේ “අප ශ්‍රී ලංකාවට එන්නේ එහි සංස්කෘතිය, ඉතිහාසය සහ මිනිසුන් නිසා මිස බියර් බීමට නොවන බවයි” යනුවෙන්.

මේ එම ඡායාරූප කිහිපයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!