Gossip

ජීවිත රැසක් වෙනුවෙන් මරණය වැළඳගත් ලංගම රියදුරාගේ පවුලේ අය කබලෙන් ලිපට වැටෙයි

ජීවිත රැසක් බේරගන්න දිවිපිදූ ලංගම රියදුරාගේ පවුලේ කට්ටියට වෙලා තියෙන දේ?

තම ජීවිතය පූජා කර මගීන්ගේ ජීවිත රැසක් බේරාගත් බණ්ඩාරවෙල ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රියැදුරු එච්.එම්.කීර්ති බණ්ඩාර පත්මසිරි මහතා ගැන ඔබට මතක ඇති. මොහු මියගියේ 2017.10.01 දින හපුතලේ උඩ විහාරගල වංගුව අසලදීයි.

මේ ඒ මහතාගේ පවුලේ අය කියූ කතාවක් පුවත්පතක සඳහන් වූ ආකාරයයි.

බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පාලනයෙන් ගිලිහුණු බස්රිය හපුතලේ දැඩි වංගු සහිත පල්ලම් ප්‍රදේශය ඉවුරකට අල්ලා කීර්ති බණ්ඩාර පත්මසිරි තම ජීවිතය පූජා කර මගීන් බේරා ගත්තේය. ඔහු මිය ගොස් දැනට මාසයකට වැඩි කාලයකි. ඔහුගේ පවුලේ සුවදුක් සොයා බැලීමට අපි පසුගිය දිනක ඔහුගේ නිවෙසට ගොඩ වැදුණෙමු.

එහිදී අදහස් දැක්වූ මිය ගිය කීර්ති බණ්ඩාර පත්මසිරි මහතාගේ බිරිය ටී.එම්. ප්‍රියංකා විජයනිල්මිණී (37) මහත්මිය මෙසේ කීවාය.

“මගේ මහත්තයා මැරුණේ ජීවිත ගණනාවක් බේරාගන්න ගිහින්. අපට ඉන්නේ දුවයි,පුතයි. පුතා වල්හපුතැන්න ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ දහය වසරේ ඉගෙනුම ලබනවා. දුව ඉගෙන ගන්නෙ මරංගහවෙල ප්‍රාථමික විද්‍යාලයේ දෙක වසරේ. මහත්තයා නැති වීම නිසා දැන් අපි අසරණ වෙලා. මේ ගේ හදා ගන්න රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ නවයක් විතර ගත්තා. අපට දැන් ණය ගෙවන්න විදියක් නැහැ. දරුවො දෙන්නාට උගන්වන්නත් ඕනි. ණය මුදලෙන් නිදහස් වෙන්නත් ඕනි. ඒ නිසා කවුරු හරි අපට උපකාර කරනවා නම් ලොකු පිනක්. අධ්‍යාපන අමාත්‍යංශය ආරම්භ කරපු සිසුන් රක්ෂණය කිරීමේ වැඩපිළිවෙළෙන් දුවට රුපියල් හැත්තෑ පන් දාහක රක්ෂණ මුදලක් ලැබුණා. ඒකත් ලොකු උදව්වක්”.

මියගිය අයගේ නැගණිය වන එච්.එම්.සුනේත්‍රා මැණිකේ (40) මහත්මිය

“අයියගේ මරණින් පස්සේ නංගී සහ දරු දෙදෙනා අසරණ තත්ත්වයට පත් වෙලයි ඉන්නේ. විශේෂයෙන්ම බැංකුවෙන් ගත්ත ණය මුදල නිසා ඒ අයට කර කියා ගන්න දෙයක් නැහැ. මේ පිළිබදව කවුරු හෝ අවධානය යොමු කරනවා නම් හොදයි.

මිය ගිය අයගේ පුත් වල්හපුතැන්න ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ දහය වසරේ ඉගෙනුම ලබන හර්ෂ නිමන්ත බණ්ඩාර

“තාත්තගේ අභාවයෙන් පස්සේ අපි ඉතා අසරණ තත්ත්වයට පත් වුණා. නංගීයි මාවයි පාසල් යවන්න අම්මා දැඩි වෙහෙසක් දරනවා. අම්මාට රැකියාවක් නැහැ. තාත්ත ගේ හදන්න ගත්ත ණය මුදල නිසා අම්මා හරි බයෙන් ඉන්නේ.

මරංගහවෙල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක වූ චන්ද්‍රා හේවා විතාරණ මහත්මිය

“කීර්ති බණ්ඩාර මහතාගේ මරණෙන් පස්සේ මේ අය අසරණ භාවයට පත් වෙලා. අපේ පාසලේ දෙක වසරේ ඉගෙනුම ලබන මිය ගිය අයගේ දියණිය දයානි බණ්ඩාර සිසුවියට අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය දා ආරම්භ කළ සිසු රක්ෂණ ක්‍රමය යටතේ රුපියල් හැත්තෑ පන්දහසක මුදලක් ලැබුණා. අධ්‍යාපන අමාත්‍යංශයේ සිසු රක්ෂණ වැඩි පිළිවෙල යටතේ පළමු රක්ෂණ මුදල තමයි ඒ සිසුවියට ගෙව්වේ. මේ දරුවන්ගේ තාත්තා හරි නිහතමානි කෙනෙක්. අම්මත් ඒ වගේමයි. කවුරු හරි ඉදිරිපත් වෙලා මේ අසරණ පවුලට උදවු කරනවා නම් ලොකු පිනක්.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!