අපේ ක්රිකට් කණ්ඩායමේ පුහුණු කරු තනතුරට චන්දික හතුරුසිංහ පත් කරගැනීමට නියමිත බවත් එම තනතුර සඳහා ඔහුට මසකට රුපියල් ලක්ෂ 38ක් හෝ 39ක් වැනි වැටුපක් ගෙවීමට තීරණය කර ඇති බවටත් නිල නොලත් ආරංචි මාර්ග පවසනවා.
මේ ගැන දැනගන්න වෙබ් ගොසිප් අපි ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතාට කතා කළා.
ඔහු කිව්වේ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ස්ථිර පුහුණු කරු තනතුර සම්බන්ධයෙන් චන්දික හතරුසිංහ සමඟ සාකච්ඡා කළත් ඔහුට ගෙවන වැටුප ගැන තවම තීරණයක් ගෙන නොමැති බවයි.
චන්දික හතුරුසිංහට අමතරව මෙම තනතුර සම්බන්ධයෙන් තවත් තිදෙනකු සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඔහු වැඩි සඳහන් කළා.
බංග්ලාදේශ ක්රිකට් කණ්ඩායමේ ස්ථිර පුහුණු කරු තනතුරේ කටයුතු කළ හතුරුසිංහ මහතා පසුගිය දා හිටි හැටියේ ඉල්ලා අස්වුණා.