Gossip

වෝල්ට් 11000 ක කරන්ට් එකක් වැදුණොත් මොකද වෙන්නේ ? – Photos

වෝල්ට් 11000 ක කරන්ට් එකක් වැදුණොත් මොකද වෙන්නේ ?
එතනම පිච්චිලා අලුවෙලා යයි නේද..?
ඒත් වෝල්ට් 11000ක් නෙවෙයි ඊටත් වැඩි අති ප‍්‍රබල විදුලි ධාරාවක් සිරුර හරහා ගමන් කළද කිසිදු හානියක් හෝ ආපදාවක් සිදුවෙන්නේ නෑති තරුණයෙක් ගැන අපිට අහන්න ලැබුණා.
මේ අපූරූ හෑකියාව නිසාම මෙම තරුණයාට හෑමෝම කියන්නේ ” කරන්ට් බෝයි ” කියලලු …
මොහු ජීවත් වෙන්නේ ඉන්දියාවේ..
දීපක් ජන්ග්රා නම් වන මේ තරුණයා 16 හැවිරිදි වියේ පසුවනවා.
සාමාන්‍ය පුද්ගලයෙකුට ක්ෂණික මරණයක් අත්කරදෙන විදුලි ධාරාවක් ගෙන යන රැහැනක් තම දිවේ,ඇගේ තබා ගැනීම ඔහුට සෙල්ලමක් වැනිය.
රැහැන ඔහුගේ ඇගෙහි ගැටෙන තැනින් ගිණි පුපුරු පැන්නද පිළිස්සුමක් හැරෙන්නට දීපක්ට වෙනත් කිසිදු හානියක් සිදු වෙන්නේ නැහැ.
ඔහුගේ මේ අරුම පුදුම හැකියාව ගැන දීපක් දැනගෙන තියෙන්නේ අහම්බෙන්.
දවසක් නිවසේ විදුලි ස්ත්‍රික්කය අලූත්වැඩියා කිරීමට ගොස් තිබෙන ඔහු නිරාවරණයව තිබූ වයරයක් අත්වැරදීමකින් ස්පර්ෂ කර ඇත. කිසිත් නොදැනුනු හෙයින් ඔහු සිතා ඇත්තේ නිවසේ විදුලිය බිද වැටී ඇතැයි කියාය.
දෙවැනි අවස්ථාවේදී ඔහු නිවසේ තැටි ධාවක යන්ත‍්‍රය අලූත්වැඩියා කිරීමට ගොස් තිබේ. එහිදීද ඔහුගේ අත සජීවී විදුලි රැහැනක වැදී තිබෙන අතර කිසිත් නොදැනුනු තැන දීපක් පිටතට විත් විදුලිය බිද වැටී ඇත්දැයි බලා ඇත. නිවසට විදුලිය සාමාන්‍ය පරිදි සපයා තිබෙනු දැක විමතියට පත් වුනු ඔහු නැවත වරක් තැටි ධාවක යන්ත‍්‍රයේ වයරය අල්ලා බලා ඇත. කෙතරම් අල්ලා බැලූවද කිසිත් නොදැනෙන තැන තමන්ගේ කිසියම් විශේෂත්වයක් ඇති බව ඔහු දැනගෙන ඇත.
තම වාසනාව උරගා බැලීමට දීපක් ඊළගට තෝරාගත්තේ අධි බල විදුලි රැහැනකි. එහි වූ වෝල්ට් 11000 ක ප‍්‍රබලතාවයකින් යුතුවූ විදුලි ධාරාවෙන් පවා දීපක්ට පිළිස්සුම් තුවාළයක් හැරෙන්නට කිසිදු හානියක් සිදුනොවීය.
ඉංජිනේරුවන් කියන්නේ වෝල්ට් 11000 ක් යනු ආසන්නයේ සිටින පුද්ගලයෙකු ඇද ගැනීමට තරම් ප‍්‍රබල විදුලි ධාරාවක් බවයි. එයින් දීපක්ට කිසිදු හානියක් සිදුනොවීම ඇත්තෙන්ම පුදුම සහගත බව ඔවුන් පවසයි.
මේ අරුම හැකියාව නිසාම දීපක් ඔහුගේ ගම් ප‍්‍රදේශයේ ඉතා ජනප්‍රිය වී තිබෙනවා. තම අසල්වාසීන්ගේ විදුලි උපකරණ අලූත්වැඩියා කර දීමේ රාජකාරියද දැන් භාරගෙන සිටින්නේ ඔහුය. දීපක්ගේ මව තම පුත‍්‍රයාගේ වැඩකටයුතු ගැන වැඩි මනාපයක් නැතත් ඔහු ගැන ආඩම්බර වන බව පවසනවා.
හැකියාවක් තිබුණත් එය මත්තේම නොයැපී ඉහළට ඉගෙන ගැනීමේ දැඩි වුවමනාවක් දීපක්ට තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔහුගේ අරමුණ කවදා හෝ විදුලි බල මණ්ඩලයේ විධායක නිළධාරියෙකු වීමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!