අපි මේ ලෝකේ ගොඩක්ම ආදරය කරන්නේ කාටද කිව්වොත් ගොඩක් අය ගාව තියෙන උත්තරයක් තමයි අපිව බිහි කරපු අම්මා හරි නැත්නම් තාත්තා හරි කියලා.
මොන තරාතිරමක හිටියත් මොන පවුල් පසුබිමක හිටියත් අපි අම්මාගේ තාත්තාගේ දේවල් වලදී හරි සංවේදීයිනේ.
පසුගිය දවස්වල අන්තර්ජාලයේ පළවූ ඡායාරූප කිහිපයක් ගැන පුවතක් ගැන අපි ඔබට කිව්වා.
ඒ තමයි සිවුරු දරාගෙන සිටින බුද්ධ පුත්රයෙක් තමන්ව මේ ලෝකෙට බිහිකරපු අම්මා මෙලොවින් සමුඅරන් යන දවසේ ඇය ලඟ තනි රකින ආකාරය.
අදාල මවගේ අවසන් කටයුතු නිමවීමෙන් පසුව මෙම මව තැන්පත් කළ ස්ථානය අසලට වී සිටින නිවසේ ඇතිකළ සුනඛයාගේ ඡායාරූප කිහිපයක් දැන් ආයෙමත් අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් තිබෙනවා.
සමහර වෙලාවට ඒ වගේ සිද්ධි දැක්කම අපිට හිතෙන්නේ මිනිස්සු ළඟවත් නැති සමහර ගතිගුණ තිරිසන් සතුන් ළඟ තියෙනවා කියලයි.
මෙම සුනඛයා අදාල මව තැන්පත් කර ඇති ස්ථානය අසලට වී සිටියේ මෙලෙසින්.