Gossip

හොඳම නළුවා සම්මානය ගත්තු දසුන් පතිරණ, අවසන් ගමන් ගිය දසුන්ව වේදිකාවේදී සිහි කළ සංවේදී මොහොත – වීඩියෝ

අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු The Fifth Derana Sunsilk Film Awards 2017 ඊයේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා.
පස් වන දෙරණ සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දසුන් පතිරණ විසින් හිමිකර ගත්තා.
ෆ්‍රැන්ජිපානී චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඔහුට මෙම සම්මානය හිමි වුණි.
මෙම සම්මානය ලබාගැනීමෙන් පසුව වේදිකාවේදී දසුන් හරි අපූරු කතාවක් කළා.
එහිදී දසුන් පතිරණ විසින් පසුගියදා අවසන් ගමන් ගිය දසුන් නිශාන්වද සිහිපත් කිරීම විශේෂත්වයක් වුණා.

දසුන් පතිරණ සිදුකළ කතාවේ වීඩියෝව පහතින්..

පිස්සු වගේ.. මුල ඉඳන් ස්තූති කරන්න ඕනේ… දෙවියන්ගෙන් ගොඩක් දේවල් ඉල්ලුවා.. ඒත් ඒ කිසිදෙයක් ලැබුණේ නෑ.. අම්මා තාත්තගෙන් ඉල්ලුවා. ඒ හැමදේම ලැබුණා. මාව හැදුවට වැදුවට ගොඩක් ස්තූතියි.. මගේ මුල පාසල.. ප්‍රියංගි මිස්, කැලුම් සර්… මගේ දෙවැනි උපත මහේන්ද්‍ර පෙරේරා. එතනට ආපු නිසා තමයි මේ හැමදේම.. මගේ යාළුවෝ.. මට ෆීලින්ග් එකක් දීපු හැමෝම.. මගේ ෆිල්ම් ඩිරේක්ටර්ස්ලා හැමෝටම ස්තූතියි මාව විශ්වාස කළාට.. මගේ මේ ඉස්සරහ ඉන්න අයියලා අක්කලා ටික මගේ ලෝකේ පොරවල්ලා. එයාලා ඇක්ට් කරනවා දැක්ක නිසයි මට ආසාවක් ඇතිවුණේ.. සම්මාන ලාභියෙක් විදිහට එළියට ගිහින් ඉන්න පුළුවන් වැලිව් එකක් හදලා දෙන්න.. මොකද ඉස්සර ප්‍රේක්ෂකයා කලාකාරයා පස්සෙන් ආවා.. දැන් කලාකාරයා ප්‍රේක්ෂකයා පස්සෙන් යනවා. මම ඒකට අකමැතියි.. ජයවේවා..

මගේ යාළුවා දස්සා.. නැතිවුණා මේ වෙලාවේ.. දස්සා සම්මානයක් ගන්න වෙලේ දස්සා හිටියනම් ගොඩක් සතුටු වෙයි. වැදලා කියන්නම් ආයෙමත් මේ වගේ දේවල් අපේ එකා කරපු ගොං මෝඩකම් කරන්න එපා.. ඒක නෙවෙයි ලයිෆ් එක කියන්නේ.. ජයවේවා..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!