Gossip

රටම කතාවුණා යාපනය විද්‍යා ඝාතනයේ නඩු තීන්දුවෙන් 7 දෙනෙකුට මරණයෙන් වන්දි ගෙවන්න වෙයි

පසුගිය කාලය පුරා ආන්දෝලනාත්මක කතාබහට ලක්වූ යාපනය විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධයෙන් වන නඩු තීන්දුව අද ප්‍රකාශයට පත්කරනු ලැබුවේ සිද්ධියට සම්බන්ධ 7 දෙනෙකුට මරණ දඬුවම නියම කරමින්.

ඒ අනුව නඩු විභාගයේදී තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංගචේලියන් මහතා ප්‍රකාශ කර සිටියේ පළමු සහ හත්වැනි විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කළ යුතු බවත් ඉතුරු විත්තිකරුවන් හත් දෙනාට මරණ දඬුවම දිය යුතු බවත් ය.

යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම අද උදෑසන ආරම්භ වූ අතර එම නඩුව වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් සහ යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචේලියන් යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනිණි.

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර ඝාතනය කළැයි චෝදනා එල්ල වූ විත්තිකරුවන් නව දෙනාගෙන් විත්තිකරුවන් හත් දෙනෙකු එම සිද්ධියට වැරදිකරුවන් බව තීරණය කළ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔවුන් හත් දෙනාට මරණීය දණ්ඩනය නියම කළේය.

අධිචෝදනා ලබා සිටි විත්තිකරුවන් දෙදෙනකුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපහොසත්වී යැයි තීරණය කළ අධිකරණය එම විත්තිකරුවන් දෙදෙනා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ද නියෝග කළේය.

යාපනය පුංකුඩුතිව්හි නව වැනි පටුමෙඟ් පදිංචිව සිටි ශිවයෝගනාදන් විද්‍යා දැරිය 2015 මැයි 13 වැනි දා පැහැරගෙන ගොස් අපයෝජනය කර මරා දමා තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වා සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගය පැවැත්විණි.

විත්තිකරුවන්

1 බුබාලසිංහම් ඉන්ද්‍රකුමාර්

2 බුබාලසිංහම් ජෙයකුමාර්

3 බුබාලසිංහම් තවකුමාර්

4 මහාලිංගම් ශසිදරන්

5 තිලේනාදන් චන්ද්‍රහාසන්

6 ශිවදේවන් දුෂාන්ත්

7 පලනි රූපසිංහම්

8 ජෙයදරන් කෝකිලන්

9 මහාලිංගම් ශෂීකුමාර් (ස්විස්කුමාර්)

ඔවුන් අතරින් 1වැනි හා 7වැනි විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කෙරුණු අතර ඉතිරි 7දෙනාට මෙසේ මරණ දඬුවම් නියම කෙරිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!