මෙවර සුමති සම්මාන උළෙල ඊයේ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා.
මෙවර සම්මාන උළෙලේ වසරේ හොඳම නළුවාට හිමි සම්මානය ” සුමිත් රත්නායක දිනාගනිද්දී වසරේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ උමාලි තිලකරත්න විසින්.
පසුගිය රයිගම් සම්මාන උළෙලේදීත් දක්ෂතම නිළිය ලෙස සම්මානය හිමි කර ගත් උමාලී බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණේ සාරංග ඉදිරියේදී ම ඇය සම්මානයට පාත්ර වීමත් එහිදී ඇය විසින් සිදු කළ ඇතැම් ප්රකාශයන්ද මූලික කර ගනිමින්.
කෙසේවෙතත් මෙම අවස්ථාවෙදීත් සාරංග එහි නිවේදකයෙකු ලෙස කටයුතු කිරීම විශේෂ අවස්ථාවක් වුණා.

