Gossip

ඉතාලි ගිය ලංකාවේ තරුණයෙක් පිස්තෝල අරගෙන රටේ නමත් කෑව හැටි – වීඩියෝ

ශ්‍රී ලාංකිකයෙකු බවට පැවසෙන තරුණයෙකු විසින් ඊයේ (20) ඉතාලියේ වෙරෝනා නගරයේ දුම්රිය ස්ථානයක් අසල තුවක්කුවක් අතින් ගෙන කළබලයක් ඇතිකළ පුවතක් සම්බන්ධයෙන් සමාජජාල ඔස්සේ කතාබහක් ඇතිව තිබෙනවා.

මෙම සිද්ධියේදී ඔහු තවත් පිරිසක් සමඟින් රණ්ඩුවක් ඇතිකරගෙන පසුව එම පිරිසට පිස්තෝලයක්ද දිගුකර ඇති අතර ඒ පිළිබඳව සැලවූ ඉතාලි පොලිසිය විසින් මෙම තරුණයා හඹා ගොස් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉතාලියේ ජීවත්වන බොහෝ පිරිසක් ශ්‍රී ලාංකිකයාට දෝෂාරෝපණ එල්ල කර තිබෙනවා. ඔහු අපේ ශ්‍රී ලාංකීය නාමයද කෙලෙසමින් මේ අයුරින් හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි ඔවුන් පවසන්නේ.

එමෙන්ම එක් ඉතාලි ජාතිකයෙකු ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් පවසා තිබුණේ “ඇත්තෙන්ම මොවුන් මහා කාලකන්නි දරුවන් වෙති. මොවුන් ඇබ්බැහිවී ඇත්තෙ නම්බුකාර ලෙස ජීවත් වීමටද නැතහොත් අපත් කා මේ රටත් කා දැමීමටද “ යන්නැයි ප්‍රශ්න කරමින්.

මේ එම අවස්ථාවේ වීඩියෝවයි…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!