Gossip

එකම සිහිනය සැබෑවක් කරගනිමින් හොඳම මිතුරා සමඟ අතිනත ගත් පුංචි සුරංගනාවිය අවසන් ගමන් ගිය හැටි – වීඩියෝ

මේ ලෝකෙට එන හැමකෙනාටම දවසක යන්න වෙනවා.
ඒ නිසා තමයි මේ ලෝකේ තියෙන්නේ යාම් ඒම් පමණක් බව කතාවට කියන්නේ.
සංසාර ගමනේ බැඳීම් එක්ක ජීවත් වෙන අපෙන් හුඟක් අය ඈත් වෙලා යන්නේ හිතාගන්නවත් බැරි විදිහට.
අවසන් ගමන් යන හුඟක් අයට ජීවිතේ හැම හීනයක්ම සැබෑ කරගන්න බැරිවෙනවා.
ඒත් තමන්ගේ හිතේ තිබුණු ලොකුම සිහිනය මරණයට මත්තෙන් හරි සැබෑ කරගන්න පුළුවන්නම් ඒක ලොකු වාසනාවක්.
ඒ විදිහට පිළිකා රෝගයක් වැළදී මරණය අභියස සිටි පුංචි සුරංගනාවියක් තමන්ගේ හීනය සැබෑ කරගත්තු සංවේදී කතාවකි මේ.
පසුගිය දවස්වල ලෝකය පුරාම ලොකු කතාබහක් ඇති කළ 5 හැවිරිදි Eileidh paterson වසර තුනක් තිස්සේ සිටියේ මරණයත් එක්ක සටන් කරමින්.
ඇය අවසන් ගමන් යන්න කළින් සැබෑ කරගන්න තිබුණු සිහිනය වුණේ ඇගේ හොඳම මිතුරා වන “පැල්” සමග විවාහ වීම.
ජීවිත ගමනට සමුදෙන්න කළින් ඇගේ මේ එකම සිහිනය සැබෑ කරන්න ඇගේ දෙමව්පියන් කටයුතු කළා.
පිළිකා රෝගයෙන් පෙලෙමින් සිටි Eileidh විවාහ දිවියට එළඹුණු ඡායාරූප අන්තර්ජාලයට නිකුත් වීමත් සමග ලොකු අවධානයක් ඇයට හිමිවුණා.
විවාහ වෙලා සති කිහිපයක් යද්දි ඇය සදහටම මේ ලෝකේ හැමෝම තනිකරලා යන්න ගියේ සමීපතමයන්ගේ හදවත් කඳුලින් තෙත් කරමින්.
Eileidh වියෝවෙන් පස්සේ ඇගේ මව සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.
“දියණියට අවුරුදු තුනක ඉඳලා පිළිකා රෝගයෙන් පෙලෙන්නේ. ඇය පසුගිය 1 දා අපිව අතහැරලා ගියා. එය දරා ගන්න බැරි දුකක්. ඒ හිස්තැන පුරවන්න කාටවත්ම බැහැ. ඇය මිය යන බව දැනගත් පසුව ඇය කැමති විදිහට ඇගේ හොඳම මිතුරා එක්ක විවාහ උත්සවය ගත්තා. ඒ වගේම එයා කැමති විදිහටයි අවංමගල්‍ය කටයුතු සිදුකළෙත්.. මට මගේ සුරංගනාවිය නැතිව පාලුයි.”
Eileidh අවසන් ගෞරව දක්වන්න ආපු 200 පමණ පිරිස තේමාවකට අනුව සිය ඇඳුම් භාවිත කර තිබුණා.
ඒ වගේම ඩිස්නිලන්තයේ ජනප්‍රිය චරිත ලෙස හැඩවී දේහයට අවසන් ගෞරව දැක්වීමත් විශේෂත්වයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!