හරි දෙයක් කරලා කාටවත් බය වෙන්න ඕනේ නෑ.
ඒ වගේම වැරැද්දට වැරදියි කියන්නත් ඒකට නිසි දඩුවම් ලබාදෙන්නත් වගකිවයුතු නිලධාරීන්ට කොන්දක් තියෙන්න ඕනේ.
අපි ඒ විදිහට කිව්වේ අද සමාජයේ වැරැද්ද වෙනුවෙන් කතා කරන්න ඒකට දඩුවම් කරන්න හුඟක් අය මැලි වෙන නිසයි.
වැරදි ගැනත් කෙලින් වැඩ කරන විදිහ ගැනත් අපි කතා කළේ මේ ළඟදි සිද්ධවුණු සිද්ධියක් නිසා.
පැරිෂුට්.
මේ නම ඇහුවම කාටත් මතක් වෙන්නේ පොලිස් නිල ඇදුම.
ඒකට හේතුව තමයි පැරෂුට් කියන නාමයෙන් හදුන්වන උප පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා රථ වාහන වැරදිවලට තරාතිරම නොබලා ඕනෙම කෙනෙකුට දඩුවම් දෙන්න මැලි නොවෙන නිසා.
මුහුණුපොත පුරාත් විවිධ කතා මොහුගැන පැතිරුනේ කාගේත් පැසසුමට ලක්වෙමින්.
මොකද අවස්ථා ගණනකදීම මැතිඇමතිවරු සහ රටේ නමගිය පුද්ගලයන්ටත් රථ වාහන වැරදිවලට මොහු දඩුවම් ලබාදීලා තිබුණා.
පසුගිය දවසක එහි ආසන්නතම සිද්ධිය විදිහට ඌව පළාත් සභාමේ ඇමතිවරයෙකුට අයත් VIP ඩිෆෙන්ඩර් රථයකටත් දඩ කොලයක් නිකුත් කළ සිද්ධියක් ගැන මුහුණු පොතේ හුවමාරු වුණා.
මේ ගැන අහලා බලන්න වෙබ් ගොසිප් අපි බණ්ඩාර මහතාට එහෙමත් නැත්නම් පැරිෂුට්ට කතා කළා.
ඔහු සිය අදහස් පලකළේ මෙලෙසින්.
නෝ පාර්කින් තැනක ඩිෆෙන්ඩර් එක පැය භාගයක් විතර නතර කරලා තිබ්බා. මම හොඳට අදුරනවා. වැරැද්දනම් වැරැද්ද මම ලිව්වා.
මම හොඳට දන්න කට්ටියක් ඒ. අපි මේ සමාජයට හොඳක් කරන්න ඕනේ.. මේවා කරන්නේ තරහකට නෙවෙයි.. ඒක තේරුම්ගන්නයි ඕනේ.
රටක් හදන්න වගේම ලස්සන මිනිස්සු ඉන්න සමාජයක් බිහිකරන්න මේ වගේ අවංක නිලධාරීන් ඉන්න එක අගය කරන එක අපි කාගේත් යුතුකමක්.
බණ්ඩාර මහතා දඩ කොලය ලබාදෙන අවස්ථාවේ ඡයාරූපයක් තරුණයෙකු විසින් මුහුණු පොතේ පලකර තිබූ ආකාරය පහතින්…