Gossip

ආදරේ තියෙන තැන විරහවක් තියෙනවාමයි, මම හැමෝගෙම පෙම්වතියක් – Exclusive

ලක්ෂිකා ජයවර්ධන කියන්නේ පුුංචි තිරය හරහා රසිකයින් අතරට ආපු දැන් කවුරුත් දන්න නිළියක්.
රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහටත් ලක්ෂිකා කටයුතු කරනවා.
ඉතිං ලක්ෂිකාගේ අලුත්ම තොරතුරු ගැන අහලා බලන්න වෙබ් ගොසිප් අපි ලක්ෂිකා ජයවර්ධන සමඟ සුහද පිළිසදරක යෙදුනා.

ලක්ෂිකා ගැන කිව්වම දැන් ඉස්සෙල්ලම මතකෙට එන්නේ ආදරේ විරහව ගැන.. ඇයි ඒ..?
විරහව ගැන.. ආ.. එහෙම කියන්නේ ඔය මම පත්තරේකට කියලා තිබුණු කතාවක් නිසානේ..
ඇත්තම කතාව මම ආදරෙන් පැරදිලානම් නෙවෙයි.
ආදරේ ගැන කතාවක් දුරදිග ගිහින් තමයි ඔය විරහව ගැන කතාව ඇදිලා ආවේ.

ආදරේ විරහවක් දැනිලම නැද්ද එතකොට..?
දැනිලා තියෙනවා. ආදරේ කළොත් විරහවක් තියෙනවමයි.
මොකද ආදරයක් තියෙන තැන විරහවක් තියෙනවා.

ඒ කියන්නේ ලක්ෂිකා දැන් ආදරවන්තියක්.
ආදරවන්තියක්ද කියන එක ආදරේ කරන්නේ කාටද කියන එක ප්‍රශ්නයක් තමයි.
මම හැමෝගෙම පෙම්වතියක්. රංගන ශිල්පිනියක් වුණාම හැමෝගෙම පෙම්වතියක් වෙන්න වෙනවා.

විශේෂ කෙනෙක් නැද්ද එතකොට..?
කැමති දෙයක් හිතාගන්නකෝ…

මොනවද අලුත් විස්තර..?
මේ දවස්වල වැඩිදුර අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.
බිස්නස් එකක් කරන්න හදනවා. ඒ දේවල් ප්ලෑන් කරගෙන යනවා ඉතිං..

දිගටම රංඟනයේ රැදිලා ඉන්නවද..?
අනිවාර්යයෙන්ම.. මට මෙතෙක් ජීවිතේ ලැබුණු හැමදේම රඟපෑම නිසා ලැබුණු දේවල්.
මට දෙයක් හම්බවෙලා තියෙනවා. මම මේ වෘත්තියට ආදරේ කරනවා. ගරු කරනවා.
හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් වුණොත් මම මුදල් නැතිව හරි රඟපානවා විනෝදාංශයක් විදිහට.

රංඟනයට ආවේ ලස්සන නිසාද.? හැකියාව නිසාද.?
මම දන්නේ නෑ.. ඒක ඉතිං අහන්න ඕනේ බලාගෙන ඉන්න අයගෙන් තමයි.
මම හිතනවා මට යම්කිසි දෙයක් කරන්න පුළුවන් කියලා. ඒකට අවශ්‍ය කරන වාසනාව මට ලැබිලා තියෙනවා.

ළඟදිම මංගල සීනු නාද වෙයිද..?
අපෝ නෑ…

තනිකඩව ඉන්නද කල්පනාව..?
නෑ. තව ටික කාලයක් තනිකඩව ඉන්නවා..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!