Gossip

මාධ්‍යය ඉදිරියේ කට වරද්දගත්ත ලසිත් මාලිංගට ක්‍රිකට් එපා කරමින් ලැබුණු අවාසනාවන්ත තීන්දුව මෙන්න

ක්‍රිකට් ලෝකයේ මේ දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වෙන චරිතයක් තමයි ලසිත් මාලිංග.
ක්‍රීඩක කොන්ත්‍රාත්තුව උල්ලංඝනය කිරීම නිසා මාස 6 ක කාලයක් මාලිංගට අත්හිටවූ තරග තහනමක් පනවා තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ඊයේ මෙම තීරණය ගෙන තිබුණා.
මෙම තීරණය ගෙන තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරයකින් තොරව මාධ්‍යයට අදහස් දැක්වීම ගැන පැවති විනය පරීක්ෂණයේදී මාලිංග වරද පිළිගැනීමෙන් පසුවයි.
ලසිත් මාලිංග එක්වන එක්දින ක්‍රිකට් තරගයේ ගාස්තුවෙන් 50%ක දඩ මුදලක්ද පැනවූයේ මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුව හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පවසා තිබුණේ විනය කමිටු පරීක්ෂණයේදී මාලිංග වරද පිළිගත් බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!