සාරංග උමාලි ගැන කතාබහ ආයෙමත් කරළියට ආවේ පසුගියදා පැවති රයිගම් සම්මාන උළෙලේදී උමාලිට හොඳම නිළිය සම්මානයත් සමඟයි.
ඒකට හේතුවුණේ එම අවස්ථාවේ නිවේදන කටයුතු සිදුකරමින් සිටියේ සාරංග නිසා.
කොහොම වුණත් වේදිකාව උඩදි උමාලි කරපු කතාවත් ඊට පසුව සාරංග සිය මුහුණුපොතේ දැමූ සටහනත් නිසා ආයෙමත් ඔවුන් ගැන කතාබහ කරළියට ආවා.
සාරංග සිය මුහුණුපොතේ සටහන් කර තිබුණේ මේ වගේ දෙයක්.
මේ සිද්ධි දෙකම වාර්තා කරපු වෙබ් ගොසිප් අපි ”කුමාරයයි, වැද්දයි, පිය රජතුමයි… අන්තිමට රට වැසියොයි ඔක්කොම අන්ඳපු අපේ කාලයේ මනමේ කුමරිය වේදිකාවට සැපත්වූ වගයි.”යනුවෙන්.
මේ ගැන අහලා වෙබ් ගොසිප් අපි සාරංගට කතා කළාම ඔහු කිව්වේ මේ වගේ කතාවක්.
”හම්.. ඒ ගැන මම දැන්ම කතා කරන්න කැමති නැහැ.
ඉතිං දැනටමත් ඒ දේවල් ගැන දන්න වගේම හොයන අයට මම දාපු දෙයින් පිළිතුරක් ලැබේවි.
ඉස්සරහට මේ හැමදේම ගැන දැනගන්න ලැබේවි.” යනුවෙන්.