Gossip

ආදරය වෛරයට පෙරලී ආලෝකාගේ ජීවිතය අඳුරු කළ සාහසිකයා සියල්ල පාපොච්චාරණය කළ හැටි

වරදක් කරලා සැඟවිලා ඉන්න බැහැ කියන එක අපිට ඕනෑ තරම් සිද්ධිවලින් සනාථ වෙලා තියෙනවා.
ඒක යළිත් ඇත්තක් කරමින් පසුගියදා කොට්ටාව හොරණ පාර පැත්තේ නිවසක ජීවත් වුණු තරුණියක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසියට පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.
සැකකරු මෙම තරුණිය සමග පෙම් සබඳතාවක් පවත්වා තිබෙනවා.
එම ආදර සම්බන්ධය මීට සති කිහිපයකට කළින් නවතා දැමීමෙන් පසු වෙනත් තරුණියක් සමඟ ඔහු නැවත පෙම් සබඳතාවක් ඇතිකරගෙන.
මියගිය තරුණිය විසින් තමාගේ අලුත් පෙම්වතිය හමුවී යම් යම් වැරදි තොරතුරු පවසා ඇති අතර එයට කෝපවීම නිසා මෙම ඝාතනය සිදුකළ බවයි ඔහු පාපොච්චාරණය කර තිබෙන්නේ.
ඊයේ පස්වරුවේ නීතීඥයෙකු මාර්ගයෙන් පොලිසියට භාරවුණු සැකකරු ලබන මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ජීවිත ගමනින් අකාලයේ සමුගන්නට සිදුවුණු තරුණිය 26 හැවිරියේ වියේ පසුවුණු අතර ඇයගේ පියා ව්‍යාපාරිකයෙක්.
මෙම සාහසික ඝාතනය සිදුකළ ඝාතකයා හක්මන බඩබැද්ද පැත්තේ පදිංචි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.
කොට්ටාවේ පිහිටි සිය නිවස තුල ඝාතනය කළ තරින්දි ආලෝකාගේ මරණය අධික ලේ වහනය වීම නිසා සිදුවූ බවයි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පවසා තිබුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!