Gossip

මරණයත් එක්ක සටන් කරන, ජීවත් වෙන්න හීන දකින කෙනෙකුට ජීවිතය දෙන්න හදන සොඳුරු මිනිසා – Photos

ජීවිතේකට හයියක් වෙන්න පුළුවන්නම් එහෙමත් නැත්නම් පිහිටක් වෙන්න පුළුවන්නම් ඒක ලොකු පිනක් වගේම මනුස්සකමක්.
ඒත් විදිහේ මිනිස්සු අද සමාජයේ ඉන්නවද කියන එක ලොකු ප්‍රශ්නයක්.
අද සිද්ධවෙන සමහර දේවල් දිහා දැක්කම අපි කාටත් එහෙම හිතන්න වෙනවා.
ඒත් ඒ විදිහේ සමාජයක අපි ජීවත්වෙද්දි ඒ අතර මනුස්සකම පිරුණු මිනිස්සු ඉන්නවා කියන එකත් අමතක කරන්න හොඳ නැහැ.
අපි මෙහෙම කියන්න හිතුවේ මුහුණුපොතේ සටහන්ව තිබුණු පණිවුඩයක් නිසා.
ඔහු නමින් හන්සක එදිරිවීර.
හන්සක තමන්ගේ මුහුණුපොතේ මේ විදිහේ සටහනක් දාලා තිබුණා.
“මං කැමතී මගෙ වකුගඩුවක් දන් දෙන්න.මරණයත් එක්ක සටන් කරන ජීවත් වෙන්න හීන දකින කෙනෙක් මං හින්ද අයෙත් ජීවිතේ ලැබිල සතුටු වෙනවා බලන්න ආසයි..”
අනිත් කෙනා දියුණු වෙනවා බලන්න බැරි, සතුටු වෙනවා බලන්න බැරි ලෝකයක අනිත් කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පවා කැපකරන්න පුළුවන් මේ වගේ තරුණයන් අගය කළ යුතු නිසාමයි අපි මේ ගැන ඔබට කියන්න හිතුවේ.

හසන්ක තැබූ සටහන පහතින්..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!