රජයේ සේවයේ නියුතු මද සරු භාවයෙන් පෙළෙන කාන්තාවන්ට වසරක නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
මද සරු භාවයෙන් පෙළෙන රජයේ සේවිකාවක් වේනම්, විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශය අනුව වසරක කාලයක් වැටුප් රහිත නිවාඩු මේ මගින් හිමිවනු ඇත.
2017 වසරේ ජනවාරි පළමුවනදා සිට බලාත්මක වන පරිදි නිකුත්කරන ලද චක්රලේඛයකින් මේ බව දන්වා තිබෙනවා.