ඉන්දියාවේ චෙන්නායිහිදී ජීවිතක්ෂයට පත්වුණු පාතාල නායකයෙකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙකු වන කරුපයියා වාප්පුබාලන් හෙවත් තෙල් බාලා නැමැත්තාගේ දේහය අද උදෑසන කොළඹ ජයරත්න ශාලාවේ තැන්පත් කෙරුණා.
මේ අතර මේ දේහය භාර ගැනීම සඳහා බිරින්දෑවරුන් දෙදෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා.
අද දහවල් එම බිරින්දෑවරුන් දෙදෙනාම කොළඹ ජයරත්න මල් ශාලාවට පැමිණ දේහය සම්බන්ධයෙන් අයිතිවාසිකම් කියා තිබෙනවා.
එම නිසා තෙල් බාලාගේ දේහය අද මධ්‍යම රාත්‍රී 12 වන තෙක් වැල්ලම්පිටියේ පදිංචි ඔහුගේ පළමු බිරිඳ වන මුණියාන්ඩි චන්ද්‍රකාන්තිගේ නිවසේ තැන්පත් කිරීමටත් මධ්‍යම රාත්‍රී 12න් පසු හෙට පස්වරුව දක්වා ඔහුගේ දෙවන බිරිඳ වන වැල්ලම්පිටිය නවගම්පුර ප්‍රදේශයේ පදිංචි ඔගස්ටියන් කොරන්ස් ගේ නිවසේ තැන්පත් කිරීමටත් පොලිසිය නියෝග කර තිබෙනවා.
