Gossip

22 හැවිරිදි තරුණියක් බාලවයස්කරුවෙකු සමග ලිංගිකව එකතු වෙද්දි පොලිසියට මාට්ටු

15 හැවිරිදි පාසල් වයසේ පසුවන බාල වයස්කාර ළමයෙකු සමග අවුරුදු 22 ක තරුණියක් ලිංගික ඇසුරක් සඳහා කඩුවෙල ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස් සිටියදි නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ දෙදෙනා අතර කාලයක් තිස්සෙ ප්‍රේම සම්බන්ධයක් තිබූ බවයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ.

මොවුන් දෙදෙනාම එකම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වනවා.

අදාළ කාන්තාව 15 හැවිරිදි පාසල් සිසුවාට පැමිණෙන ලෙස දුරකතන ඇමතුමක් ලබා දී ත්‍රිරෝද රථයකින් ලැගුම්හලට ගොස් තිබෙනවා.

තම දරුවා හදිසියේ නිවෙසින් පිටව යාම සම්බන්ධයෙන් සැකසිතූ මව්පියන් ඔහු පසුපස හඹාගොස් ඇති අතර කාන්තාව විසින් තම දරුවා ත්‍රිරෝද රථයක නංවාගෙන ලැගුම්හලකට රැගෙන යනු ඔවුන් දැක තිබෙනවා.

මේ සම්බන්ධව දරුවාගේ මව්පියන් නවගමුව පොලිසියට දැනුම්දීමෙන් පසුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වහාම ක්‍රියාත්මක වී ලැගුම්හලට ගොස් කාන්තාව හා ළමයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය ලැගුම්හල වටලන අවස්ථාවේදීත් අදාළ තරුණිය 15 හැවරිදි පාසල් සිසුවා සමඟ ලිංගිකව එකතුවෙමින් සිට ඇත. වැඩිදුර පරීක්ෂණවලදි අනාවරණ වුයේ මෙම කාන්තාවගේ සැමියා මත්ද්‍රව්‍යවලට සම්බන්ධව වරදකරුවෙකු වී දැනට රිමාන්ඩ් කර සිටින අතර ඇයද මත්පැන් ද්‍රව්‍ය සඳහා තදින් ඇබ්බැහි වී ඇති බවයි.

සැකකරුවන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!