මහරගම පිළිකා රෝහලට Pet Scan යන්ත්‍රයක් ලබාගැනීමට කෝටි 20ක මුදලක් අවශ්‍ය වී තිබුණි.
එම මුදල කෙසේ හෝ මහජනතාවගේ පරිත්‍යාගයෙන් එකතු විය.
මේ අතර සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා විසින් ඔහුගේ මුදලින් කෝටි 3ක මුදලක් ලබා දුන් බවට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මේ වන විටත් ප්‍රචාරය වෙමින් පවතිනවා.
නමුත් මහේල ජයවර්ධන මහතා විසින් සිය ට්විටර් ගිණුමෙන් මෙය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ කෝටි 3ක මුදලක් තමන් විසින් පරිත්‍යාග නොකළ බවත්, නමුත් තමන් මේ සඳහා කැප වී වැඩ කළ බවත්ය.
කෙසේ හෝ මෙම අරමුදල සඳහා මුදල් පරිත්‍යාග කළ සියලු දෙනාට තමන් ස්තූති වන්ත වන බවද ඔහු සඳහන් කළේය.
මහේල ජයවර්ධන මහතාගේ ට්විටර් පණිවිඩය පහතින් බලන්න