මෝරා කියන්නෙ මාංශ භක්ෂක සත්වයෙක්. හැබැයි හැමෝටම ලේසියෙන් මෝරෙක් දැකගන්න ලැබෙන්නේ නෑ. මොකද එම සත්වයින් දකින්න ලැබෙන්නේ මුහුදේ. ඒ සත්වයා විශේෂයෙන් බලාගන්න කියලා මුහුදු යන්න කට්ටිය නැහැනේ.
ඒත් පසුගිය දවසක අසාමාන්‍ය අයුරින් මැණික් ගඟෙන් මෝරෙකු වැනි මත්සයෙකු දකින්නට ලැබුණා. මේ මෝරා වැනි මාලුවාගේ දිග අඩි 3 ක් පමණ බව වාර්තා වන්නේ.
කොහොම වුණත් මේ මෝරා යැයි කියනා ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ සැරිසරණරමින් තිබෙනවා.මෙම ඡායාරූප වල ඡායාරූප ශිල්පියා වන්නේ නිලූෂාන් විජේසිංහ නම් වු පුද්ගලයෙකි.