වී ගොවීන්, වී තොග, වී මිලදී ගැනීම, වී ගබඩා මේ කතන්දර අපි හැමදාම අහනවා. ඒවා අමුතුවෙන් කියන්න ඕන නෑ කියලත් දන්නවා. ඒත් මේ වී කියන දේත් එක්ක කතා නොකර බැරි තැනක්නේ මත්තල ගුවන් තොටුපළ. මත්තල නිසා වීත් වී නිසා මත්තලත් පහුගිය කාලයේ අමුතුම ජනප්‍රියත්වයක් ලැබුවා. ඒ ජනප්‍රියතාවය සුළු පටු නොවුණේ ඒක දේශීය වශයෙන්ම මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රිය වූ නිසා. මත්තල වී ගබඩාව නිසා අන්තර්ජාතික ගුවන් ගමන් ක්ෂේත්රයට මත්තල ගැන අලුත්ම ප්‍රචාරයකුත් මේ නිසා ලැබුණා.
ඒක එහෙම වුණේ ආණ්ඩුව වී තොග මිලදී ගැනීම ආරම්භ කළාට පස්සේ. මොකද මේ ගන්න වී තොග ගබඩා කරන්න තැනක් නැතිව ආණ්ඩුවට ගන්න තියෙන එකම විසඳුම ලෙස පෙනී ගියේ මේ මත්තල ගුවන් තොටුපළේ භාවිතයට නොගන්නා බව කියන කොටසක වී තොග ගබඩා කිරීමයි. මේ වැඩේ පටන් ගත්තාට පස්සේ මතක ඇතිනේ කට්ටියක් පාර වසමින් වී තොග මත්තලට ගෙනඒමට විරෝධය පළකළා. ඒ හැම විරෝධයක්ම ටික දවසයි. කතාවක් තියෙනවානේ එදා වේල හම්බ කරගන්න මොකක් හරි කරන කට්ටියත් ඉන්නවා කියලා.
අන්න ඒ වගේ ටික දවසක් තිබුණ විරෝධය පහව ගියා. මත්තල වී ගබඩාවකුත් හැදුණා. දැන් ඒ හදපු වී ගබඩාවට මොකද වෙලා තියෙන්නේ කියලා දන්නවා. අද ඉඳලා මත්තල වී ගබඩාව හිස්කරන්න ආණ්ඩුව පියවර අරගෙන තියෙනවා. පුද්ගලික අංශය ආණ්ඩුවෙන් වී මිලදී ගැනීම ආරම්භ කළත් සමග ආණ්ඩුවත් ටක් ගාලා මත්තල ගබඩාව හිස්කරන්න අත ගැහුවා. ඒ ගබඩාව අද හිස්කරන්න පටන්ගත් හැටි හොඳ හැටි බලාගන්න පුළුවන් ඡායා රූප පෙළක් පහතින් බලන්නකෝ.
ඡායා රූ – රා හුල් සමන්ත
