Gossip

“වෙනද මම ගෙදර එද්දි මම එනකන් මග බලාගෙන ඉන්න මගේ අම්මා අද නෑ කියල දැනෙද්දි හිතට එන වේදනාව කියා ගන්න බැරිතරම්” – චාමර වීරසිංහ

කොළඹදී ඊයේ (05) පැවති “ස්ලිම් නීල්සන්” ජනතා සම්මාන උලෙලේදී 2019 වසරේ හොඳම ගායකයාට හිමි සම්මානය ගායක චාමර වීරසිංහට හිමිවුණා.

චාමර වීරසිංහගේ මව පසුගිය සතියේ අභාවප්‍රාප්ත වූ අතර ඔහුට මෙලෙස හිමිවූ සම්මානය ගැන සමාජජාල මාධ්‍යයන්වල පළ කර තිබුණේ මේ වගේ අදහසක්.

“හිතාගන්නවත් බැරි මොහොතක මගේ අම්මා මගෙන් ඈතට ගියත් අම්මගෙ හිතේ තිබුන අහින්සක තව එක හීනයක් මට සැබෑ කරන්න පුලුවන් උනා. 2019 අවුරුද්දෙත් වසරේ හොඳම ගායකයාට හිමි සම්මානය මට දැන් ලැබුනා.වෙනද මෙහෙම මම ගෙදර එද්දි මම එනකන් මග බලාගෙන ඉන්න මගේ අම්මා අද නෑ කියල දැනෙද්දි හිතට එන පාලුව,තනිකම,වේදනාව කියා ගන්න බැරිතරම්.දුක තිබුනත් නිහතමානී සතුටක් දැනෙනව අම්මගේ මේ හීනෙත් සැබෑවක් කරන්න පුලුවන් උනාට..
ස්තුතියි මගේ නම යෝජනා කලාට.ස්තුතියි මෙතුවක් මා වෙනුවෙන් ගීත ලිවූ,තනු නිර්මාණය කල, සංගීතය සැපයූ හැම හදවතකම.ස්තුතියි හදවතින්ම මෙතුවක් මා සමග සිටි ආදරණීය රසික ඔබ සැමට.තෙරුවන් සරණයි.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!