Gossip

අගමැති රනිල් තිරුපති කෝවිලට ගිහින් තමන්ගේ බරට සරිලන රත්තරන් දෙවියන්ට පූජා කළාද?

පසුගියදා ඉන්දියාවේ පුද්ගලික සංචාරයක නිරත වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එරට තිරුපති කෝවිලේ ‘තුලාබරම්’ පූජාවේ යෙදෙන අයුරු ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

මේ සමගම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වීම නිසා මේ පූජාව ගැන  ගොඩක් අය හොයන්න පටන් ගත්තා.

‘තුලාබරම්’ පූජාව යනු තිරුපති වන්දනාවේ යන බැතිමතුන් විසින් තමන්ගේ බරට ධාන්‍ය වර්ග, වටිනා ලෝහ වර්ග හෝ මුදල් දෙවියන් උදෙනා ලබා දීමක්. සාමාන්‍යයෙන් මෙම පූජාවේ යෙදෙන රාජ්‍ය නායකයන් බොහෝ දෙනෙකු තම බරට රත‍්‍රන් පූජා කිරීම සිදු කරන බවද මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙනවා.

තිරුපති යනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ, අන්ද්‍රා ප්‍රදේශයේ, චිතුර් දිස්‌ත්‍රික්‌කයේ, තිරුමාලා නගරයේ පිහිටා ඇති ලොව විශාලතම විෂ්ණු කෝවිලයි. එය ඉතා අනුහස්‌ ඇති බලවත් ස්‌ථානයක්‌ බවට විශාල පිළිගැනීමක්‌ තිබෙනවා. මෙම දෙවොල තුළ ඇති පිළිමය ප්‍රාතිහාර්යක්‌ ලෙස ඉබේම සැකසී ඇති බව එක්‌ මතයකි. තවත් මතයක්‌ නම් එය පෘථිවියේ දක්‌නට නැති ඉතා සුවිශේෂී වූ ගල් වර්ගයකින් නෙළන ලද්දක්‌ බවයි. එම පිළිමය අඩි 9 ක්‌ පමණ උසින් යුක්‌තය. ලොව විශාලම ධනයක්‌ උපයන දෙවොල මෙයයි. එහි වාර්ෂික ආදායම ඉන්දියානු රුපියල් ක්‍රෝර 2000 ක්‌ පමණ බව පැවසේ. මෙහිදී බොහෝ භක්‌තිවන්තයන් මුදල් මෙන්ම රන් ආභරණද පුජා කරනවා.

ලංකාවේද රාජ්‍යතන්ත‍්‍රය නියෝජනය කරන බොහෝ දේශපාලනඥයන් ඉඩක් ලද සැණින් තිරුපති වන්දනාවේ යන බව රහසක් නොවේ. බොහෝ දේශපාලනඥයන්ගේ වාර්ෂික කාලසටහනේ තිරුපති වන්දනාව අනිවාර්ය අංගයකි. දේශපාලනඥයන්ට අමතරව, ව්‍යාපාරිකයන්, නළු නිළියෝ ගායක ගායිකාවෝ, ප‍්‍රභූහු විශාල වශයෙන් තිරුපති වන්දනාවට එක්වෙති

කෙසේ වෙතත් තිරුපති කෝවිලට භාරවීමෙන් සිතු දේ සඵල වන බවට දැඩි විශ්වාසයක් ඉන්දීය ජන සමාජයේ මුල්බැස ගෙන තිබෙනවා. තිරුපති එන බොහෝ දේශපාලනඥයෝ පක්‍ෂ නායකයෝ සිය මැතිවරණ ජයග‍්‍රහණය අපේක්‍ෂාවෙන් භාර හාර වනවා. ජයග‍්‍රහණය කිරීමෙන් පසුව තිරුපති වෙත පැමිණ තම ශරීරයේ බරට රත්රන් හෝ කාසි පූජාවක් කිරීම සාමාන්‍ය දෙයක්.

කෙසේවෙතත් රනිල් වික‍්‍රමසිංහ මහතාද පූජා කර ඇත්තේ තම බරට රත‍්‍රන් යයි සමාජ ජාලාවන්හි බොහෝමයක් වාර්තා පළවනවා.

කෙසේ වෙතත් පින්තූරයේ දැක්වෙන පරිදි අගමැතිවරයාගේ බරට සමාන වන්න අනෙක් පසින් තබා ඇත්තේ ප‍්‍රමාණයෙක් කුඩා මළු කිහිපයක් නිසා ඒවායේ ඇත්තේ ඝනත්වය වැඩි ලෝහ වර්ගයක් විය හැකි බවට සමාජජාල මාධ්‍යයන්වල දැක්වෙනවා.

මේ සමාජාල මාධ්‍යයන්වල හුවමාරු වුණ අගමැති රනිල් වික්‍රමසිංහගේ ඡායාරූපයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!