Gossip

TV දෙරණ “ස්ලිම් නීල්සන්” ජනතා සම්මාන රැසකින් පිදුම් ලබයි – වීඩියෝ

“ස්ලිම් නීල්සන්” ජනතා සම්මාන උලෙළ අති උත්කර්ශවත් අන්දමින් අද (05) කොළඹදී පැවැත්විය.

එහිද “ස්ලිම් නීල්සන්” ජනතා සම්මාන රැසකට හිමි කම් කියන්නට අප නාලිකාවට හැකි විය.

ඒ අනුව, වසරේ තාරුණ්‍යයේ රුපවාහනී නාලිකාවට හිමි සම්මානය ටී.වී දෙරණ රූපවාහිනී නාලිකාවට හිමි විය.

එමෙන්ම වසරේ හොඳම ප්‍රවෘති සපයන්නාගේ සම්මාණයට හිමිකම් කිවේ අද දෙරණ යි.

වසරේ ටෙලිනාට්‍යට හිමි සම්මානය දිනා ගත්තේ ටී.වී දෙරණ ඔස්සේ විකාශය වන “දෙවෙනි ඉනිම” ටෙලිනාට්‍යයි.

වසරේ හොඳම නිලියට හිමි සම්මානය දිනා ගත්තේ ටී.වී දෙරණ ඔස්සේ විකාශය වන ” දෙවෙනි ඉනිම ” ටෙලිනාට්‍යයේ රඟපාන නයනතරා විමක්‍රමරාච්චියි.

වසරේ හොඳම රුපවාහිනී නිවේදකයාගේ සම්මානය හිමි කර ගත්තේ ටී.වී දෙරණ නිවේදක චතුර අල්විල් මහතායි.

එමෙන්ම වසරේ හොදම රුපවාහිනි නාලිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේද ටී.වී දෙරණ අප නාලිකාවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!