Gossip News

7 හැවිරිදි දැරියව දූෂණය කළ කාමාතුරයා, වසර 15 ක් හිරේ

7 හැවිරිදි දැරියක අපහරණය කර ඇය අපයෝජනය කිරීමේ චෝදනා 2 කට වැදිකරුවූ පුද්ගලයකුට රත්නපුර මහ අධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා 17 දා බරපතළ වැඩ ඇතිව වසර 12 ක සිරදඬුවමක් නියම කළේය. ඊට අමතරව හතළිස්දහසක දඩයක් නියම කෙරුණු අතර ලක්‍ෂ 3 ක වන්දි ගෙවීමකටද නියම විය

විත්තිකරු කුරුවිට පදිංචි ඕවිටේ ආරච්චිගේ මහතුන් නමැත්තෙකි. 2014 ඔක්තෝබර් මස 23 සහ 2015 ඔක්තෝබර් මස 22 වැනිදා අතර කාලයේ දිනයක 7 හැවිරිදි දැරියක ඇගේ මවගේ භාරකාරත්වයෙන් අපහරණය කිරීම, සහ එම දැරිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කිරීම යන අධිචෝදනා 2 මත නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

විත්තිකරු චෝදනා පිළිනොගත් අතර නඩුව විභාගයට ගැනුණි. අවසානයේ විත්තිකරු වැරදිකරු බවට විනිසුරු තීන්දු කළේය. 7 හැවිරිදි දැරිය පියකු ලෙස බලාගත යුතුව තිබියදී ටොෆි චොකලට් දී ඇය රවටා පසුව අපයෝජනයට ලක්කිරීම ශිෂ්ඨ සමාජය කිසිසේත්ම අනුමත නොකරන කි‍්‍රයාවක් බව විත්තිකරුට දඬුවම් නියම කරන අවස්ථාවේ විනිසුරු පැවැසුවේය. ඒ වනවිට විත්තිකරු 64 වැනි වියේ පසුවිය.

විත්තිකරුට දඬුවම් නියම වූයේ 1 වන චෝදනාවට බරපතළ වැඩ ඇතිව වසර 2 ක සිරදඬුවමක් සහ රුපියල් 15000 ක දඩයක් වශයෙන් සහ 2 වන චෝදනාවට බරපතල වැඩ ඇති වසර 10 ක සිරදඬුවමක් ලෙසිනි. ඊට අමතරව තවත් රුපියල් 25000 ක දඩයක් වශයෙනි. විත්තිකරු දඩ මුදල් නොගෙවුවහොත් ඔහු 0මාස 6 බැගින් වසර 1 ක සිරදඬුවමකට යටත්වන අතර වින්දිත දැරියට ගෙවීමට නියම කළ ලක්‍ෂ 3 ක වන්දි මුදල නොගෙවුවහොත් ඔහු වසර 1 ක සිරදඬුවමකට යටත් වෙයි. සිරදඬුවම් වෙන් වෙන් වශයෙන් ගෙවීයායුතු බවට නියෝග කෙරිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!