Gossip News

බස්නාහිරින් පිටවෙන්න හැදු 10 කට කොරෝනා

බස්නාහිර පළාතෙන් පිට පළාත්වලට යෑමට පැමිණි පුද්ගලයන් 1300 කට අධික පිරිසක් ගතවූ දින තුන තුළ  (17, 18, 19) ඇන්ටිජන් පරීක්‍ෂණවලට ලක්කළ බවත්, ඉන් දසදෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මොවුන් වාහනවල ගමන් කරමින් සිටියදී නවත්වා ඇන්ටිජන් පරීක්‍ෂණවලට ලක් කළ බව පැවසූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙසේ ද කියා සිටියේය.

මේ දිනවල දිගටම බස්නාහිර පළාතෙන් පිට පළාත්වලට යන වාහනවල ගමන් කරන සියලූ දෙනාම ඇන්ටිජන් පරීක්‍ෂණවලට ලක් කරනවා. ඒ සඳහා සහයෝගය ලබාදෙන්න කියලා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා ව්‍යාප්තිය වළක්වන්නයි මේ දේවල් කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!