Gossip

5 වසර ශිෂ්‍යත්වය ලියන්න අනිවාර්ය නෑ

5 වසර ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉවත් කිරීමට කටයුතු කරන්නැයි තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්.

අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ පත්කරනු ලැබූ සමාලෝචන කමිටුවේ නිර්දේශයන් ද සැලකිල්ලට ගනිමින්.

මෙම කමිටුව අධ්‍යාපනඥයින්, ළමා මනෝවිද්‍යාඥයින්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු විද්වතුන් පිරිසකගෙන් සමන්විතයි.

ඔවුන් අද උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස් වූ අතර එහිදී ශිෂ්‍යත්ව විභාගයේ ආරම්භක අරමුණු සහ වර්තමානයේ එය දරුවන් පීඩාවට පත් කරන තරග විභාගයක් බවට පත්වීම පිළිබඳ දීර්ඝ වශයෙන් අවධානයට ලක්ව තිබෙනවා.

ඒ අනුව ඉදිරියේ දී කැමැත්ත අනුව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිම හෝ නොසිටීම තීරණය කිරිමට ඔවුන්ට අවකාශය හිමිවනු ඇති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!