Gossip

2022 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉරණම

2022 ICC පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය සඳහා ඍජුවම සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වී තිබෙනවා.

ඒ අනුව මේ වසරේ මෙන්ම ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ දී ද ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබාගැනීමේ වටය සඳහා තරග වැදීමට සිදුවන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙන්නේ.

මේ වසරේ නොවැම්බර් මස 15 වන දින වනවිට 20/20 ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන කණ්ඩායම් 08, මීළඟ පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් අතරට ඇතුළත් වනවා.

ඒ අනුව එංගලන්තය, පාකිස්ථානය, ඉන්දියාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය එම කණ්ඩායම් අතරට අයත්.

ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හි 9 වන ස්ථානයේ පසුවනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඊයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත්වීමත් සමග ඔවුන් ශ්‍රේණිගත කිරීම්හි 10 වන ස්ථානය දක්වා පහත බැස තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!